(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට පොලිස් වසමේ පිහිටි පාර්ම්ගාඩ්න් වත්තට අයත් කොස්ගල කොටසේ පැල රබර් සහ අස්වනු නෙලන රබර් ගස් පිහිටි ඉඩම සංවිධානාත්මක කල්ලියක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති බව බළන්ගොඩ වැවිලි සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියට පැමිණිලි කර ඇත.
කොස්ගල කොටසේ ඉහළවත්තේ අක්කර භාගයක පමණ කොටසක ටකරං මඩුවක් ඉදිකර කුඩා දරුවන් ද සමඟ පිරිසක් එහි බලහත්කාරයෙන් නතරවී සිටින බවද එම සමාගම කියයි. ජලපෝෂිතයට යාබද අක්කර භාගයක පමණ ඉඩම් කොටසක් මෙසේ බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇත.
එම කොටසේ වෙනත් ප‍්‍රදේශයකින් ගලවා ගෙනා වැවුණු කෙසෙල් ගස් ද පොල් පැල ද සිටුවා ඇත. මෙම ඉඩම් කොටස හරහා ජල පෝෂිතයෙන් ගලන දොළපාරක් ද ඇත. පහළ පිහිටි නිවාස කිහිපයට ජලය ලබාගන්නේ ද මෙම ජලපෝෂක ප‍්‍රදේශයෙන් වන අතර දොළපාර දිගේ ජලනළ ද එළා ඇත.
මීට රාත‍්‍රී කාලයේ ඒ අවට තැනින් තැන වතු නිලධාරීන් බිය ගන්වා සංවිධානාත්මක කල්ලි මැණික් ගැරීමේ නිරතවූ අතර ආණ්ඩු පෙරළියෙන් පසු එය නැවතී තිබුණ ද දැන් යළිත් වත්තේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම් පටන් ගෙන ඇති බව ද එම සමාගම කියයි.
මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියෙන් විමසූ අවස්ථාවේ එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙම ඉඩම අල්ලා ගැනීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් මෙම ඉඩම් තමන්ට අයිති බව පවසා ඇති නිසා අධිකරණයට එය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.




2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංවිධානාත්මක කල්ලියක් ’පාර්ම්ගාඩ්න්’ වත්තේ බලෙන් රැදී සිටිති