ඒජාප මන්ත්‍රීන් ගැන ප්‍රශ්න කරන්න ඒකාබද්ධයට අයිතියක් නෑ එක්සත් ජාතීක පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිබඳ ප්‍රශ්න කිරිමට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය පවසයි. 13 August 2017
මහකුඹුක්කඩවලට පානීය ජල ලීටර් ලක්ෂයක් නියඟයෙන් පීඩාවට පත්ව මහකුඹුක්කඩවල ජනතාවට පානීය ජල ලීටර් ලක්ෂයක් බෙදා දිමට ‘සිංහලේ අපි‘ සංවිධානය අද ( 12 ) කටයුතු කළේය. 12 August 2017
කුඹුක්වැවට අලි පනිති කුරුණෑගල කුඹුක්වැව නගරයට අලි පස්දෙනෙකු පැමිණ ඇතැයි පොලිසිය කියයි. 12 August 2017
දුම්රිය අනතුරු දෙකකින් තරුණයෙක් මරුට කාන්තාවක් තුවාල ලබයි බම්බලපිටියේ දී සහ හික්කඩුවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් තරුණයකු මියගොස් කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 12 August 2017
සංචාරයට ඇවිත් ගොයම් කපති සංචාරක වීසා ලබාගෙන තමිල්නාඩුවේ සිට මෙරටට පැමිණ ආගමන විගමන නීති කඩකරමින් ගොයම් කපන යන්ත්‍රවල රියැදුරන් ලෙස කටයුතු කළ තරුණයන් දෙදෙනකු සමන්තුරේ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියය. 12 August 2017
පිළිකුත්තුවේ විහාරයක් කඩලා ගම්පහ පිළිකුත්තුව ආනන්ද අනුස්මරණ යෝගාශ්‍රමයෙහි විහාරාධිකාරී පදවියේ පඤ්ඤාලෝක හිමියන් වහන්සේගේ වැඩ වසන ආවාසයට හානි කොට විහාර ගෙයිහි බුදු පිළිමද කඩා බිද දමා ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 12 August 2017
පිළිකුත්තුවේ විහාරයක් කඩලා ගම්පහ පිළිකුත්තුව ආනන්ද අනුස්මරණ යෝගාශ්‍රමයෙහි විහාරාධිකාරී පදවියේ පඤ්ඤාලෝක හිමියන් වහන්සේගේ වැඩ වසන ආවාසයට හානි කොට විහාර ගෙයිහි බුදු පිළිමද කඩා බිද දමා ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 12 August 2017
අනවසරෙන් වැලි ගොඩ දැමු තුනක් අත්අඩංගුවට අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසීය කියයි. 10 August 2017
ගණිකා ජාවාරමක් මල්වානේදී හසුවෙයි දොම්පෙ ප්‍රදේශයේ පදිංචි තරුණියක් (17) ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථකරුවකු සහ ඊට සහාය දුන් බව කියන තරුණියගේ මව ලෙසින් පෙනී සිටි 55 හැවිරිදි කාන්තාවක් වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගූවට ගනු ලැබ සිටිති. 10 August 2017
සමෘද්ධි ලාභීහු විරෝධය පාති සමෘද්ධි සහනාධාරය කප්පාදු කළැයි විරෝධය දක්වමින් සමෘද්ධි ලාභීන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියට කඩා වැදී ප්රකෝපකාරී ලෙස හැසිරුණ අතර නවගත්තේගම සමෘද්ධි ලාභිහූ පිරිසක් පැය දෙකක් තුළ ගල්ගමුව ආණමඩුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ. 09 August 2017
අග්නිදිග සිසුහූ වීදී බසිති අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කර බව පවසමින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවක් එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් අද (08) රත්නපුර නගරයේ දී පැවැත්විණි. 08 August 2017
දමනට හමා සුළඟින් නිවාස 20 කට හානි අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පන්නල්ගම කුමන පෙදෙස හරහා හමා ගිය දැඩි සුළං හේතුවෙන් නිවාස 20 කට පමණ හානි සිදු වි ඇති බව දමන ප්‍රාදේශිය ලේකම් සොයිසා සිරිවර්ධන මහතා කියයි. 08 August 2017
හිරිකටුඔය වියැළේ හෝර්ටන්තැන්නේ සිට ගලාඑන සමනලවැවේ පෝෂක ගංඟාවක් වන හිරිකටුඔය සිඳී යාමත් සමඟ බෙලිහුල්ඔය හා අවට ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු කියති. 07 August 2017
හම්බන්තොට ධීවර වරායේ එළවළු වගාවක් හම්බන්තොට ධීවර වරායේ වරාය නිලධාරීන් එළවළු වගාවක් සිදු කිරීම හේතුවෙන් ධිවර කාර්මිකයින්ට සිය රැකියාව කිරීමට බාධා ඇති වී තිබෙන බව හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයෝ පවසති. 06 August 2017
නියඟයෙන් හම්බන්තොට ජලාශත් සිඳී යයි හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය නිසා ප්‍රදේශ රැසකම වැව් අමුණු සිදී ගොස් තිබේ. 06 August 2017
පුත්තලමේ විශාලම වැවත් සිඳෙයි පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් සිඳී ගොස් ඇති අතර එම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන මහා තබ්බෝව වැවෙහි ජල ම්ට්ටම ඉතාම පහල මට්ටමක පවතී. 06 August 2017
මන්නාරම් දුම්රියේ බස් රථයක් ගැටෙයි කොළඹ සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියක ලංගම බස් රථයක් සෙට්ටිකුලම,මැණික්ෆාම් ප්‍රදේශයේදී අද(04) ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනකු පමන තුවාල ලබා ඇති බව පරයානන්කුලම පොලිසිය පවසයි. 04 August 2017
ගංජා සමග දෙන්නෙක් සැකපිට ගංජා කිලෝ 5ක් නවීන පන්නයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දෙදෙනකු මිනුවන්ගොඩ නිල්පනාගොඩ දී අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන අංශය කියයි. 04 August 2017
අඹගමුව සමෘද්ධි ලාභිහූ වීදි බසිති තම සමෘද්ධි කාඩ්පත් අවලංගු කර එම කාඩ්පත් වතුකරයේ ජනතාවට ලබා දි ඇති බවට චෝදනා කරමින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි කලාප පහක සමෘද්ධි ලාභිහූ පිරිසක් අද (04)එම කාර්යාලයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. 04 August 2017
ඉන්දීය ධීවර යාත්‍රාවක් උඩප්පුව වෙරළේ ඉන්දීය ධීවරයින් විසින් මසුන් මැරීම සහා යොදා ගන්නා ධීවර යාත්‍රාවක් හලාවත - උඩප්පුව වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි. අඩි 30 ක් පමණ දිග මෙම බෝට්ටුව අඩි 04 ක පමණ පළලකින් යුක්තය. 04 August 2017
හලාවතින් දිනකට කුණු ටොන් 18ක් හලාවත නගරයෙන් පමණක් දිනකට කසල ටොන් 18 ක් බැහැර කරන බවත් ඒවා ප්රතිචක්රීයකරණය කිරීමට ස්ථානයක් නොමැති කම නිසා කසල ගොඩ ගැසීම පමණක් සිදු කරන බවත් හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීනී (තොරතුරු නිලධාරී) එන්.ඒ.කාන්තිලතා මහත්මිය පැවසුවාය. 03 August 2017
මහනුවර කුණු තේක්කවත්තට මහනුවර මහ නගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සිය බල ප්‍රදේශවල එකතු වන කැලි කසල බැහැර කිරීම සදහා කටුගස්තොට තේක්කවත්ත යොදා ගැනීම නිසා තේක්කවත්ත අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය ඉතා සීග්‍ර ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. 03 August 2017
අලුත්ගම- කොළඹ බස් වර්ජනයක් අලුත්ගම-අවිස්සාවේල්ල දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ 4 ට අමතරව අලුතින් බස් රථයකට බලපත්‍ර ලබාදීම හේතුවෙන් අලුත්ගම කොළඹ මාර්ග අංක 400 පෞද්ගලික බස් රථ හිමියෝ අද (3) වර්ජනයක නිරත වුහ. 03 August 2017
සයිටම් විරෝධීහු අත්සන් කරති සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ථ ලංකා වතු කම්කරු සංගමය විසින් අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් අද (02) හැටන් නගරයේදි සිදු කරන ලදි. 02 August 2017
‘සහෝදරත්වයේ දෑත්‘ බැඳ දමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අබාධිත පුද්ගලයින් විසින් අලෙවි කරනු ලබන ‘‘සහෝදරත්වයේ දෑත්‘‘ නම් කූපන අලෙවි කිරීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සංවර්ධන නිලධාරීන් හරහා මෙම කූපන් අලෙවි කෙරේ. 02 August 2017
මාතලේ ගම්මිරිස් මිල පහතට මාතලේ දිස්ත්‍රික්කයේ මේ දිනවල ගම්මිරිස් මිල සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් වගාකරුවෝ දුෂ්කතාවයට පත්ව සිටිති. 01 August 2017
කොටකන්දේ බොරළු කැපීම තාවකාලිකව නවතයි මාදම්පේ පනිරෙන්දාව ‘කොටකන්ද‘ කන්දේ සහ ඒ ආශ්‍රිතව බොරළු කැණීමට ලබා දී ඇති බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.පී.හේරත් මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත දැනුම් දී ඇත. 01 August 2017
සිසුන්ට මාවා විකිණූ අයෙක් කොටුවෙයි පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින්,ගංජා මිශ්‍රිත මාවා නම් මත් ද්‍රව්‍ය අලෙවි කළැයි සැකපිට පනයඩියේ වෙළඳසල් හිමියකු මත් ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 01 August 2017
මැදගම-කොටකන්ද කඳුවැටිය අසල බොරළු කැපීමට විරෝධය පා උද්ඝෝෂණයක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම - කොටකන්ද නම්වූ හුදකලා කදුවැටිය සහ ඒ ආශ්‍රිතව ස්ථාන කීපයක බොරළු කැපීම සඳහා පතල් හා කැණීම් කාර්යංශය විසින් ලබා දී ඇති අවසරයට විරෝධය පාමින් උද්ඝෝෂණයක් අද (31) මැදගම දී පැවැත්විණි. 31 July 2017
නිතිවිරෝධි වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් පහක් දැලේ අම්පාර අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ සාගම පනන්කාඩු ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ තුනක් සහ ට්‍රැක්ටර් දෙකක් පොලිස් බාරයට ගෙන ඇත. 31 July 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025