( සනත් ගමගේ )
හම්බන්තොට ධීවර වරායේ වරාය නිලධාරීන් එළවළු වගාවක් සිදු කිරීම හේතුවෙන් ධිවර කාර්මිකයින්ට සිය රැකියාව කිරීමට බාධා ඇති වී තිබෙන බව හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයෝ පවසති.
ධිවරයින්ගේ දැල් ආම්පන්න හා යාත්‍රා නතර කිරීමට ඇති ප්‍රදේශයක කම්බි වැටක් ගසා කොටු කර ධිවරයින්ට එම ප්‍රදේශයට ඇතුළු විමට පවා ඉඩ නොදී එළවළු වගාවක් ආරම්භ කිරීම හේතුවෙන් ධිවරයින්ට සිය වෘත්තීය කටයුතු සිදු කිරීමට බධා ඇති වී තිබෙන බව ධීවර කාර්මිකයෝ පෙන්වා දෙති.
අයිස් කම්හලක් ඉඳිකිරීම සඳහා මුල්ගලක් තබා ඇති ස්ථානයේ ද මෙම වගා ආරම්භ කර ඇති අතර අතර අයිස් කම්හල තවමත් ඉඳි කිරීමට පියවර ගෙන නොමැති බව ඔවුහු කියති.
ධීවර කාර්මිකයින් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සකස් කරන ලෙසට ඉල්ලීම් සිදු කළද මෙතෙක් ඒවා ඉටු කිරිමට නොහැකි වි ඇති බවද ධීවර කාර්මිකයෝ කියති.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂක එල්.ජී.ටී චන්දන මහතාගෙන් කළ විමසිමකදී පැවසුවේ මේ සම්බන්ධයෙන් හම්බන්තොට ධීවර කාර්මිකයින් ධීවර රාජ්‍ය ඇමැතිතුමාටද පැමිණිලි කර තිබෙන බවයි.
මෙම වගාව නතර කර ධිවරයින්ට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දෙන ලෙසට හම්බන්තොට ධීවර වරයේ කළමනාකරුට දන්වා ඇති බවද ඒ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දැන් අයිස් පැක්ටරිය හැදුවම ඔය ඉඩ කොහොමත් නැති වෙනවනේ , මේ ධීවරයෝ දැන් ඔය වගේ පොඩි දේවල් වලටත් පැමිණිලි කලාට රජතුමාගේ කාලේදී ගෙදර ගැනිව අරගෙන ගියත් කට හෙල්ලුවේ නැහැ
හරි වැඩක් වැරදි තැනක්.