(අජිත්ලාල් ශාන්තඋදය)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් මර්දනය කරන බව පවසමින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවක් එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් අද (08) රත්නපුර නගරයේ දී පැවැත්විණි.
ඔවුන්ට නේවාසිකාගාරවලට යාම ද තහනම් කර 85%ක පැමිණීම නැති බව පවසා විභාග සඳහා ඉදිරිපත් වීමට ද ඉඩ නොදී දැඩි ලෙස මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බව විරෝධතාකරුවෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් රටේ ඉහළ සියලූ දෙනාම දැනුවත් කළ ද තවමත් ඉන් ඵලක් වී නැති බව ද කියැවිණි.
ඒ නිසා ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් සහ පොදු ජනතාව දැනුවත් කිරීමට ගත් තීරණයක් අනුව රත්නපුරේ මෙම විරෝධතාව පවත්වන බව ඔවුහු කීහ. මේ ආකාරයට පිට පළාත්වල සෑම දිස්ත‍්‍රික්කයකම විරෝධතා පවත්වා සහනයක් නොලද හොත් ලේ හලාගෙන හෝ කොළඹට එන බව ඔවුහු පැවසූහ.
පීඨ හයකින් සමන්විත අග්නිදිග විශ්ව විද්‍යාලය පසුගිය අගොස්තු දෙවැනි දා සිට තවමත් වසා දමා ඇතැයි කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් දන්නේ නැති වුනාට මේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ පෝය දවසට ලෙක්චර් තියෙනවා. සිකුරාදාට නිවාඩු. සෙනසුරාදට ලෙක්චර් තියෙනවා, පෝයට ළමයි ආවේ නැතිනම් ළමයින්ට පැමිණීමේ ප්‍රතිශතයට බලපානවා. මේවා බලන්න කවුරුවත් නැහැ , බැලුවොත් කියයි ජාතිවාදේ කියල. පේරාදෙණිය,කොළඹ සරසවි වලට ගිහින් බලන්න හැම ආගමකටම සලකන විදිය.