ගොවිපොළට හොරෙන් ආ දෙදරු පියා වෙඩි කා නසී කොස්ගම සත්ත්ව ගොවිපොළකට අද ( 31) අලුයම අනවසරයෙන් ඇතුළු වූ අයකුට එම ගොවිපළේ ආරක්ෂක නිලධාරියකු වෙඩි තැබීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 31 July 2017
යතුරුපැදිකරු කාරයේ හැපී මියයයි ගම්පහ කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ හේනේගම, විළිඹුල පාලම අසලදී අද(31) පෙරවරුවේ මෝටර් රියක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් තරුණයකු(23) මියගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 31 July 2017
තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් අල්ලයි මෙරට තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු කිලෝ 75ක් සමග සැකකරුවකු අද (30) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි. 30 July 2017
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි නුවරඑළිය සිට රත්නපුර බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හැටන්-නෝර්වූඩ් ප්‍රධාන මාර්ගයේ, දියසිරිගම ප්‍රදේශයේදී අද(29) මාර්ගයෙන් ඉවතට බෝක්කුවක් මතට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි තරුණයන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇත. 29 July 2017
උකුවෙල කුණු හොයන්න රංජිත් අලුවිහාරේ නගර චාරිකාවේ මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු තවාන් සොයාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා එහි පවත්වාගෙන ගිය බේකරියක් පිටුපස තිබූ අපිරිසිදු තාවය ගැන බේකරි හිමියන්ට දොස් පැවැරිය 29 July 2017
සියලු පාසල් වල සති අන්තයේ ඩෙංගු මර්දන වැඩසටහනක් දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන වැඩසටනක් 28,29 හා 30 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලුම අධ්‍යාපන බළධාරීන් දැනුවත් කර තිබේ. 28 July 2017
ගස් බෙනයකින් තුවක්කු 4 ක් සොයා ගනී සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම මීගස්වැව ජලාශය අසල ගසක බෙනයක් තුළ සඟවා තිබූ තුවක්කු 4ක් සොයා ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි. 28 July 2017
ලංගමේ රියදුරුට පහර දුන් තවත් රියදුරෙක් අත්අඩංගුවට වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 28 July 2017
යාපන වෙඩි තැබීමට හැටන්හී විරෝධතා යාපනයේ මහා අධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින් ඉලක්ක කර ගනිමින් යාපනයේ දී සිදුවු වෙඩි තැබිමේ සිද්ධියට විරෝධය දක්වමින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරු අද (27) අධිකරණ කටයුතුවලින් ඉවත් වී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් කළහ. 27 July 2017
ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා කිලෝ 22ක් මතු වෙයි ඉන්දීය ධීවරයින්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 44ක් වටිනා කේරළ ගංජා කිලෝ 22ක් පේදුරුතුඩුව අල්වායි මුහුදේදී සිට රැගෙන ආ බව කියන ධීවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය පවසයි. 27 July 2017
සංවර්ධන නිලධාරි එකමුතුව හාලිඇල දී උද්ඝෝෂණයක රාජකාරි කටයුත්තකට ගිය හාලිඇල ,උඩකොහොවිල ග්‍රාම නිලධාරිවරියකට හා කෘෂිපර්යේෂණ නිලධාරිවරයකුට පහර දුන්නැයි විරෝධය දක්වමින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි එකමුතුව සංවිධානය එම කාර්යාලය ඉදිරිපට දී අද (26) විරෝධතාවක් කළේය. 26 July 2017
පෙර පාසල් දරුවන් සියයට 14-16කට නියමිත උස හා බර නැහැ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගෙන් 14-16%ත් අතර නියමිත උස හා බරින් යුක්ත නොවන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි. 26 July 2017
අහිතකර කෑම-බීම විකුණු 48කට නඩු කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ඉකුත් දින හතර තුළ කරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම වැටලීම් කළ සෞඛ්‍ය පරීක්ෂකවරයෝ පවසති. 26 July 2017
රජරට සිසුන්ට පහර දුන්නැයි විරෝධතා පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතාගේ මැරයන් පිරිසක් පසුගිය දා කැකිරාව නගරයේ දී රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නැයි ඊට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් අද (25) කැකිරාව නගරයේ දී උද්ඝෝෂණයක් කළහ. 25 July 2017
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සිසුහු විරෝධතාවයක සරසවි සිසු මර්දනය නවතන ලෙසත් සයිටම් ආයතනය අහෝසි කරන ලෙසත් ආදී කරුණු රාශියක් මුල් කර ගනිමින් රජයට විරෝධය පෑමේ විරෝධතාවයක් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් අද(25) දහවල් හෝමාගම නගරයේ පැවැත්වීය. 25 July 2017
දකුණු කොරියාවේදී කතකගේ දිවි බේරූ ලාංකිකයා ඇගයේ දකුණු කොරියාවේ නිවසක ගින්නනකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය බේරාගෙන ශ්‍රි ලංකාවට ගෞරවනීය නාමයක් අත්කරදුන් කොරියාවේ රැකියාවේ නිරත නිමල්සිරි බණ්ඩාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද(25) විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්රධන්තත්වයෙන් විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 25 July 2017
විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ නාඋල - නාලන්ද පදිංචි තුෂර සඳරුවන් කරුණාසේන (10) දරුවාගේ ශල්‍යකර්මය සඳහා ප්‍රචාරයක් ලබාදුන් විජය පුවත්පත් සමූහයට සිය කෘතඥතාව පලකරන බව තුෂර සඳරුවන්ගේ පියා වන නිමල් කරුණාසේන මහතා පවසයි. 25 July 2017
පිහිනුම් තටාකයට වැටී තරුණයෙක් මරුට දිගන නිලගම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දි එහි පිහිනුම් තටාකයට වැටී වයස අවුරුදු 32ක රාජ්‍ය සේවයේ නියුතු තරුණයකු මියගොස් ඇත. 25 July 2017
සංචාරක මධ්‍යස්ථානයක් නිසා ගාල්ල සම්බන්ධීකරණ රැස්වීම උණුසුම් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් වෙනුවෙන් හික්කඩුවේ හදන ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාවක් සාකච්ඡාවට ගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අද දැඩි උණුසුම්කාරී බවක් ඇතිවිය. 24 July 2017
හෝමාගමට කුණු දැමූ 6ක් අත්අඩංගුවට හෝමාගම නගරයේ ස්ථාන කිහිපයකට වාහනවලින් පැමිණ කුණු දැමූ පුද්ගලයින් 6 දෙනකු අදාළ වාහන ද සමගින් අද (24) අලුයම අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 24 July 2017
පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට හැටන් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපාංග කිහිපයකට අලාභ හානි සිදුකළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එම විදුහලේ ආදි සිසුන් පස්දෙනෙකු අද (23) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරන බව බගවන්තලාව පොලිසිය පවසයි. 23 July 2017
දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන ඉස්ලාම් මව්ලවිවරයකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 July 2017
මිලියන 45ක ගොඩනැගිලි දෙකක් පාළුවට රුපියල් මිලියන 45ක් පමණ වැයකර නාඋල නගරයේ ඉදිකර ඇති බහුකාර්ය ගොඩනැගිලි දෙක ජනතා අයිතියට මෙතෙක් පවරා නැතැයි ප්රදේශවාසිහු පවසති. 23 July 2017
සයිටම් ගැන හැටන් ජනව දැනුවත් කරයි මාළෙඹි සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් රැකගන්නා ලෙස බලකරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් බස් නැවතුමිපොළ අසලදි අද(22) සිදුකරනු පැවැත්විණි. 22 July 2017
රෝගීන්ගේ බඩු සොරකම් කිරීමේ ජාවාරමක් හසුවෙයි ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික රෝගින්ගේ භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හොරකම් කිරිමේ ජාවාරමක් සොයාගත් බව කරාපිටිය රෝහල් පොලිසිය කියයි. 21 July 2017
’’අපි අපිම’’ තෙවන අදියරට මැදිරිගිරියේ පාසලක් අකුරක් ඉගෙනගන්න වෙරදරන අපේම දරුවන්ගේ හෙට දවස නංවාලීමේ අරමුණින් නුගේගොඩ නවාතැන්පළක තරුණ පිරිසක් විසින් සංවිධානය කරනු ලබන ’’අපි අපිම’’ ප්‍රජා සත්තාරක වැඩ සටහනේ තෙවන අදියර සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක් තෝරාගනු ලැබ තිබේ. 20 July 2017
මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක් මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක් අද(20) සිට ආරම්භ විය. 20 July 2017
’සැවොම එක්වෙමු ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ආරම්භ වු මධ්‍යම පළාත් ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (20) හැටන් දුම්රියපළ අසල දී ආරම්භ කැරිණි. 20 July 2017
අලුත්ගම අනතුරින් දෙන්නෙක් මරුට අලුත්ගම - ඇල්පිටිය මහා මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් කහගල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන තාප්පයක හැපීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මිය ගිය බව බෙන්තොට පොලිසිය පැවසීය. 19 July 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025