(රංජිත් රාජපක්‍ෂ )
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ආරම්භ වු මධ්‍යම පළාත් ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (20) හැටන් දුම්රියපළ අසල දී ආරම්භ කැරිණි.
ඒ සඳහා හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන්, හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් හා සේවකයින් එක්ව සිටියහ.
‘සැවොම එක්වෙමු ඩෙංගු දුරලමු’ යන තේමාව යටතේ දුම්රිය ස්ථානයේ එක්රැස්වී ඇති කැලි කසල හා දිරා නොයන ඝණ අපද්‍රව්‍ය සහ දුම්රිය මාර්ගය දෙපසට මගීන් මුදා හැර තිබු කැළි කසල එක්රැස් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd