මැදගම රම්‍යලතා පද්ම කුමාරි
පිටරටින් ගම්මිරිස් ගෙන්විම වහාම නවත්වා දේශිය ගම්මිරිස් සදහා නිසි මිලක් ලබා දෙන ලෙස ද රබර් මිල ඉහල දමා දෙන ලෙසද ඉල්ලමින් මොනරාගල බදුල්ල මාර්ගය හරස් කර අද (22) උදේ බඩල්කුඹුර නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය.
බඩල්කුඹර නගරයට අද (22)උදේ 10.30ට පමණ තුන්සියයකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ගෙල පලදමින් විරෝධතා පුවරු ද සමග එක්ව රැස් මෙම උද්ඝෝෂණය පැවැත් වූ අතර ඔවුනට සහය දක්වා බඩල්කුඹුර නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණි. රතිඤ්ඤා පත්තු කරමින් විරෝධතාවය පල කලහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළඳපොළේ මේ වෙනකොට ගම්මිරිස් මිල අඩු වෙලා, හේතුව වියට්නාමය වගේ රටවල ගම්මිරිස් නිෂ්පාදනය වැඩි කරලා අඩු මිලට ලෝක වෙළඳපොළට එවන නිසා. ඒත් ලංකාවේ මේ පිකටින් ගොවියෝ දන්නේ පිකටින් වලින් අස්වනු වැඩි කරන්නනේ. ඒ හින්දා අපේ බදු සල්ලි වලින් මෙයාලගේ ගම්මිරිස් ගන්න කියනවා. පහුගිය කාලේ ගම්මිරිස් මිල වැඩි වෙලා තියෙද්දි ඒකේ ප්‍රතිලාභය තනියම භුක්ති විඳලා අද ගම්මිරිස් මිල අඩුවීමේ වාසිය පාරිහෝගිකයට නොදී අපේ බදු සල්ලි ඉල්ලලා පාරට බහිනවා.