(රංජිත් රාජපක්‍ෂ )
හැටන් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපාංග කිහිපයකට අලාභ හානි සිදුකළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එම විදුහලේ ආදි සිසුන් පස්දෙනෙකු අද (23) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.
ඊයේ (22) රාති‍්‍ර විදුහල්පතිවරයාගේ නිල කාමරයට කිසියම් පිරිසක් ඇතුළුවී එහි පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට විදුහල්පතිවරයා බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණීල්ලක් මත හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගයෙන් විමර්ශන සිදු කෙරිණි.
පොලිස් සුනඛයා පාසල අසලම පිහිටි සැකකාර ආදි සිසුන්ගේ නිවෙස් වලට ගොස් හඳුනා ගැනිමෙන් පසු ඔවුන් පොලිස් බාරයට ගනු ලැබ ඇති අතර එම ආදි සිසුන් මෙම සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට