(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගෙන් 14-16%ත් අතර නියමිත උස හා බරින් යුක්ත නොවන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පෝෂණ මට්ටම මෙලෙස අඩුවීමට ප්‍රධානම හේතුව ආර්ථික ගැටළු නොව වැරදි චර්යා රටාවන් බවයි.
නියමිත බර සහිතව උපදින දරුවන් වැරදි වර්යා රටාවන් හේතුවෙන් පසුකාලීනව මන්ද පෝෂණ තත්ත්වයකට ඇද දමා ඇති බවද පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ඒ මහතා පවසයි.
“දෙමාපියන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධව සැලකිලිමත් වන්නේ නැහැ. ගෙදර කන බොන කෑම හා ආහාර පුරුදුවල සිට අප මේ වෙනස ඇති කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථිකය යහපත් කළ පමණින් සියල්ල ඉටු වන්නේ නැහැ. නිවැරදි පෝෂණය සම්බන්ධව නිසි උපදෙස් ද ලබා දිය යුතු වෙනවා. අප සැලසුම් කරන වැඩසටහන් වල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ චර්යා රටාවන් වෙනස් කිරීමයි. පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී හා ඒවාට මුදල් යෙදවීමේදී මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
වෛද්‍යවරයා මෙම අදහස් පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් පෝෂණය සම්බන්ද බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ගත් අවස්ථාවේ දී ය. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ජාතික පෝෂණ වැඩසටහන යටතේ මෙම සැලසුම ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ව පෝෂණය කල හැකි මට්ටමට ආර්ථිකය හදාගත් පසු පමණක් දරුවන් බිහි කල යුතුය.