(ඩබ්ලිව්.ඒ. අසේල)
දිගන නිලගම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දි එහි පිහිනුම් තටාකයට වැටී වයස අවුරුදු 32ක රාජ්‍ය සේවයේ නියුතු තරුණයකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සන්නිවේදන පහසුකම් සලසන්නා තනතුර දැරූ අරුණාසලම් යෝගරාජ් නමැති තරුණයෙකි.
ඔහු අධ්‍යාපනය ලැබූ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික පාසලක පැවති ආදි සිසු හමුවට සහභාගි වි ඉන් අනතුරුව තවත් 15දෙනෙකු සමග දිගන ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇති අතර එහිදි පැවති සාදය අතරතුර පිහිනුම් තටාකය අසලදි ලිස්සා තටාකයට වැටීමෙන් මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්වාස කරන්න අමාරුයි මොකද පිහිනුම් තටාක වල ඉනිමගක් වගේ සුදුයකඩ වලින් සැදු දෙයක් තියනවනේ