( ඉන්දික අරුණ කුමාර )
රුපියල් මිලියන 45ක් පමණ වැයකර නාඋල නගරයේ ඉදිකර ඇති බහුකාර්ය ගොඩනැගිලි දෙක ජනතා අයිතියට මෙතෙක් පවරා නැතැයි ප‍්‍රදේශවාසිහු පවසති.
අතිරේක සභා ගොඩනැගිල්ලක්,ආයුර්වේද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් හා රැස්වීම් ශාලාවක් මෙම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.
වසරකට ආසන්න කාලයක සිට වැඩ අවසන් කර ඇති මෙම ගොඩනැගිලි පසුගිය රජය සමයේ මධ්‍යම පළාත් සභා ප‍්‍රතිපාදන යටතේ නාඋල ප‍්‍රාදේශිය සභාව මගින් ඉදිකර ඇත.
නගරයට අවශ්‍ය වෙළෙද සංකීර්ණයක් ඉදිකරන බවට මුලදී ප‍්‍රකාශ වුවත් පසුව බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස ඉදිකළ බව ව්‍යාපාරිකයෝ පැවසූහ.
නාඋල ප‍්‍රාදේශිය සභා ලේකම් ජී.එච්.එම්. උපුල් ප‍්‍රියදර්ශන මහතා පැවසූවේ ඉදිකර ඇති ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන නැතැත් පහත මාලයේ එවැනි ඉදිකිරිමක් සඳහා ‘‘පුර නැගුම’’ ව්‍යාපෘතියෙන් අවසර ඉල්ලා ඇති බවයි.
මීට අමතරව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා දින ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති බව ද ලේකම්වරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම තමයි ඒකල මඩම හන්දියේ තියෙන කඩ සාප්පු සහ තට්ටු නිවාස ඒවත් මහජන අයිතියට පවරලා දුන්නොත් මදුරුවොත් අඩුවෙයි වහල තියෙද්දී සුද්ද කරලා දාන්නවත් අයිතියක් කාටවත් නැහැනේ. හැබයි කුණු බැහැර කිරීම ප්‍රමිතියට ආරම්බ කලයුතුයි.