(බුද්ධික කුමාරසිරි )
සරසවි සිසු මර්දනය නවතන ලෙසත් සයිටම් ආයතනය අහෝසි කරන ලෙසත් ආදී කරුණු රාශියක් මුල් කර ගනිමින් රජයට විරෝධය පෑමේ විරෝධතාවයක් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් අද(25) දහවල් හෝමාගම නගරයේ පැවැත්වීය.
හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමන හෝමාගම නගරය දක්වා පැමිණි අතර විරෝධතාකරුවෝ හෝමාගම පැරණි බස් නැවතුම්පල අසලදී විරෝධතා රැලියක් පවත්වා පැයක පමණ කාලයක් උද්ඝෝෂණයෙහි නිරත වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd