( කාංචන කුමාර ආරියදාස)
මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු තවාන් සොයාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා එහි පවත්වාගෙන ගිය බේකරියක් පිටුපස තිබූ අපිරිසිදු තාවය ගැන බේකරි හිමියන්ට දොස් පැවැරිය. බේකරිය වසා දමා පිරිසිදු කිරීමෙන් පසු ආහාර නිෂ්පාදනය කටයුතු ආරම්භ කරවීමට පියවර ගන්නැයි සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දුන්නාය. උකුවෙල ප්‍රාදේශීය සභා ආසන්නයේ ඇති වැසිකිලි පද්ධතිය හා කානු පද්දතියේ ඩෙංගු තවාන් ඇති බව ප්‍රදේශවාසීන් මන්ත්‍රීවරයා දැනුම් දීමෙන් පසු එය වාහාම පිරිසිකිරීමට පියවර ගන්නැයි ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දුන්නේය. උකුවෙල නගරයෙන් ඉවතලන කැලි කසළ ඉවතලන ස්ථානය ද පිරක්ෂූ මන්ත්‍රීවරයා සතුන්ගේ මළ කුණු මෙන්ම එහි ඇති ඩෙංගු තවාන් දැක ගැනිමට හැකි විණි. දින දෙකෙන් දෙකට මෙම කසල වළ දැමීමට පියවර ගන්නැයි අදාල අංශ වෙත මන්ත්‍රීවරයා දැනුම් දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd