( උපාලි රණවීර )
ගම්පහ කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ හේනේගම, විළිඹුල පාලම අසලදී අද(31) පෙරවරුවේ මෝටර් රියක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් තරුණයකු(23) මියගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලබා රදාවාන රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු එසේ මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක රැකියාවට යමින් සිටි පැපිලියවල නැදුන්ගොල්ල පදිංචි ඇම්.ඒ.හර්ෂ සුරේෂ් හසරංග නමැත්තෙකි.
රදාවාන දෙසින් පැමිණි යතුරුපැදිය හේනේගම දෙසින් පැමිණි මෝටර් රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලදි අණාවරණය වී තිබේ. අනතුරට පත් මෝටර් රථය අසල තිබු දුරකථන කණුවක ගැටී නතරවි තිබූ අතර එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd