(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නුවරඑළිය සිට රත්නපුර බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හැටන්-නෝර්වූඩ් ප්‍රධාන මාර්ගයේ, දියසිරිගම ප්‍රදේශයේදී අද(29) මාර්ගයෙන් ඉවතට බෝක්කුවක් මතට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි තරුණයන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇත.
මාර්ගයේ ධාවනය කරමින් තිබූ වෙනත් වාහනයකට ඉඩ දීමට ගිය අවස්ථාවේ ප්‍රදේශයට පවතින වර්ෂා සහිත කාළගුණයත් සමග මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd