(ජුඩ් සමන්ත,ඡායාරූප චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
පහර කෑමට ලක්ව ඇත්තේ මීතාලේ පදිංචිකරුවෙකු වන රගුනාදන් මිදුනන් වේ. ඔහු ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ඩාවිල් ඩිපෝවට අනියුක්තව සේවය කරන අයෙකි.
ලංගම බස් රථය සහ පුද්ගලික බස් රථය කොළඹ සිට අනුරාධපුය දක්වා ගමන් කරමින් තිබී ඇත. එකිනෙකා පසු කරමින් ගමන් කර ඇති පුද්ගලික බස් රථය එක් වරම වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේදී නවත්වා ඇත.ඒ සමගම පිටුපසින් පැමිණ ලංගම බස් රථය නවතා තිබූ පුද්ගලික බස් රථයේ පිටුපස ගැටී ඇති බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd