(ඉන්දික අරුණ කුමාර)
එක්සත් ජාතීක පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිබඳ ප‍්‍රශ්න කිරිමට ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.
අද ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දඩයම් කිරීමේ ක‍්‍රියාවලියක කවුරුන් හෝ නිරත වන්නේනම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඇය කියයි.
රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පිළිබඳ ජනාධිපති කොමිසම ක‍්‍රියාකළ ආකාරයත් චෝදනා එල්ලවී ඇති ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙනුත් ක‍්‍රියාකරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය දැඩි අවධානයෙන් පසුවන බව ද ඒ මහත්මිය පවසයි.
ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාලම් කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය අද(13) මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ඔබගේ අදහසට එකගවෙන්නෙමි. ඒවගේම ඔබලාටත් අනිත් කිසිවකු ගැන ප්‍රශ්න කිරිමටද කිසිම හැකියාවක් නොමැත. මක්නිසාදයත් ඔබ සියලු දෙනාම එකම බෝට්ටුවේ බැවින්. අප දකින්නේ පාට වෙනසක්පමනි. එය ඔබට නොතේරීම ගැන කනගාටු වෙමි. තව එක් දෙයක් කීමට කැමැත්තෙමි. මිට පෙර අප විසින් අනන්ත වාරගණනක් කියා ඇත. කිනම් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කරනවිට තම තමන්ගේ නම ලොකු අකුරෙන් ලියා නාම පුර්ව ප්‍රදර්ශනය කිරීම හා ඒ සදහා අපගේ මුදල් නාස්තිකර උත්සව පැවැත්වීම දඩුවම් ලැබිය යුතු වරදකි. මක් නිසාදයත් එම මුදල් ඔබගේ පුද්ගලික මුදල් නොව , ඒවා මගේ, අපගේ මුදල් බැවිනි. මෙලෙසම කිනම් හෝ ව්‍යාපෘතියක් විවෘත කිරීමේදීද පතරංග ජාතක අකුරින් තම තම තමන්ගේ නම් සහිත නමාපුර්ව ප්‍රදර්ශනය කිරීම හා ඒ හා සමගාමී උත්සව පැවැත්වීම නොකරන මෙන් කාරුණිකව දන්වමි.
හොරකම් ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ කියන්නේ කොහොමද ? මේ හොරකම් කරන සල්ලි අපේ රටේ ජනතාවගේ මුදල් , හොරකම් නොකරනවානම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ.
එතකොට අනික් අයට නිකරුනේ චෝදනා කරන්න අයිතිය තියෙන්නේ ඔයාලට විතරද.
රවින්ද්‍ර මයා ඔබ වරදවා වටහාගෙන. මම කමෙන්ට් කලේ මේ මන්ත්‍රීවරියගේ ප්‍රකාශයේ තියෙන කරුණුවලට. මේ මන්ත්‍රීවරිය දැනගන්න ඕනේ, ජනතාව චන්දෙ දුන්නේ පසුගිය රජයේ හොරු අල්ලන්න විතරක් නෙමෙයි කියන එකත්. මේ රජය තමන්ට බලය දීපු ජනතාව බලාපොරොත්තු වුනු ආකාරයේ වැඩ, බොහෝදුරට රජය දුන් පොරොන්දු මත රටට වැඩකළ යුතුයි. එහෙම වෙන බවක් අපිට පෙනෙන්නේ නැහැ. එහෙම නැතුව හොරු අල්ලන්න විතරක් නම් , අපේ රටේ පොලිසියට තියෙන බලතල හොදටම ඇති හොරු අල්ලන්න. අලුත් රජයක් ඕනේ නැහැ.