IMG-LOGO

කොටකන්දේ බොරළු කැපීම තාවකාලිකව නවතයි

( ජුඩ් සමන්ත )

මාදම්පේ පනිරෙන්දාව ‘කොටකන්ද‘ කන්දේ සහ ඒ ආශ්‍රිතව බොරළු කැණීමට ලබා දී ඇති බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.පී.හේරත් මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත දැනුම් දී ඇත.

කොටකන්ද සහ ඒ අවට කර ඇති බොරළු සහ පස් කැපීම නිසා විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බවත් එවන් තත්ත්වයක් මත නැවතත් බොරළු කැපීම සඳහා අවසර ලබා දීමට විරෝධය පල කරමින් ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක්ද පවත්වන ලදි.

ගම්වාසීන් විසින් අත්සන් කරන ලද විරෝධතා ලිපියක්ද පුත්තලම දිසා ලේකම්වරයා වෙත බාර දීම සදහා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යංලයේ පරිපාලන ග්‍රාම නිලධාරී ලයනල් කුමාරසිංහ මහතා වෙත බාර දෙන ලදි.

දිස්ත්‍රික් කමිටුවේදී තීරණයක් ගන්නා තුරු එම බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.



අදහස් (0)

කොටකන්දේ බොරළු කැපීම තාවකාලිකව නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 22 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site