ජයරත්න විල්ලර
මීරිගම වරකාපොළ මාර්ගයේ කැබැල්ලවිට හන්දිය අසල දෙබර කූඩ බැඳ තිබූ දෙල් ගසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ගම්වාසීහු පවසති. මේ දිනවල පවතින වර්ෂාත සමග ඇති වූ තද සුළඟින් මෙම ගස ඇද වැටී ඇති අතර දෙබරකූඩ නිසා එය ඉවත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම විකල්පයක් තියෙනවා. දෙබරුන්ට රෑට ඇස් පෙන්නේ නැහැ. ඕක විදුලි කියතකින් සීරුවට කපලා වැඩිය හොල්ලන්නෙ නැතුව ලේසියෙන්ම ඉවත් කරන්න පුළුවන් රෑට.
ඉස්සර රජ කාලෙත් ගම් නියම ගම් වනසන යකෙක් ඇවිත්, රජතුමා අණබෙරයක් යැව්වලු යකා එලවන්න පුළුවන් කෙනෙක් හොයල. ඒවගේ බලමු පත්තරෙන් දැකල දෙබරුන්ට බය නැති වීරයෙක් එයිද කියල මේ ගහ අයින් කරන්න ?