IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වන අලි දෙන්නෙක් නිසා වලස්මුල්ල බියෙන්

(චන්ද්‍රසේන ගමගේ)

දින කිහිපයක් තිස්සේ ගම්වැදී ඇති වන අලින් දෙදෙනකු නිසා වලස්මුල්ල අවට ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මීටදින හතරකට පමණ පෙර උඩලවලව ප්‍රදේශයෙන් හෝ සූරියවැව ප්‍රදේශයෙන් පලා ආ බවට සැක කෙරෙන මෙම වන අලින් දෙදෙනා මේ වන විට වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ සැරි සරන බවට  වන ජීවී නිලධාරීහු පවසති.

වන අලින් දෙදෙනා කොටු කර ගැනීම සදහා හම්බන්තොට, බූන්දල ,කළමැටිය හා උඩවලව  වනජීවී කාර්යාලවල වන ජීවී නිලධාරීහු රැසක් දැඩි උත්සහයක නියැළි සිටිති.

ජීවිත හානියක් වීමට පෙර අලින් දෙදෙනා නිර්වින්දනය කර අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කළ යුතු බව වනජිවී නිලධාරීහු කියති.මේ දිනවල වන ජීවී වෛද්‍යවරුන් දියත් කර ඇති අකුරට වැඩ වෟත්තීය ක්‍රියා මාර්ගය නිසා එය කිරීමට බාධාවක් වී ඇතයිද ඔවූහූ පවසති.
 
“වන ජීවී වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා වන අලින් දෙදෙනා කොටු කර ගැනීමට බාධා පැමිණ තියෙනවා.වන ජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ගුවන් හමුදාවේ නිර්වින්දන වෛද්‍යවරුන් පැමිණීමට නියමිතයි.ඉන් අනතුරුව වනඅලීන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වේවි.“ යැයි දකුණු දිසාව භාර සහකාර වන ජීවී අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා පවසයි.



අදහස් (0)

වන අලි දෙන්නෙක් නිසා වලස්මුල්ල බියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site