IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මෝදි විවෘත කළ දික්ඔය රෝහලේ හෙද හිඟයක්

(සුදත් එච්. එම්. හේවා)

දික්ඔය මුලික රෝහලේ පවතින හෙද හිඟය හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමට නොහැකි තත්වයක් උදා වි ඇත.

ඉන්දියානු රජයේ අාධාර මත මෙම රෝහලේ නව රෝහල් ඒකකය ඉදිකළ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් එම රෝහල පසුගිය මැයි මාසයේදි විවෘත කරන ලදි.

එම රෝහල ඉදිකිරිමේදි දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකයද ඉදිකර ඇති නමුත් මෙම රෝහලේ පවතින හෙද හිඟය හේතුවෙන් එම ඒකක විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ තිලින වීජේතුංග මහතා පැවසීය.
 
“මෙම රෝහල සදහා 2012 වර්ෂයේ හෙදියන් 92ක් සිටිය යුතු බව සදහන් වෙනවා .එහි මේ වන විට හෙදියන් 120 සිටිය යුතුයි.මන්ද මෙය ඒ ශ්‍රේණියේ රෝහලක් බවට මේ වන විට පත්ව ඇති නිසා.“

“එහෙත් මේ වන විට මෙහි සේවය කරන්නේ හෙදියන් 60 දෙනයි. මෙම තත්ත්වය මත මෙහි දැඩි හෙද හිඟයක් පවතිනවා.ඒ නිසා දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය ආරම්භ කිරිමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ.“

“එමෙන්ම මෙහි සේවය කරන හෙදියන්ට අවශ්‍ය නිල නිවාස පහසුකම් නිසි ලෙස නැහැ .මෙහි හෙද නිල නිවාස හයක් පමණයි තියෙන්නේ. එම තත්ත්වය මත මෙම රෝහලේ සේවය සදහා හෙදියන් පැමිණීමට අකමැත්තක් දක්වනවා ඇති.මෙම තත්ත්වය මත මෙම රෝහලේ දෛනික කටයුතු කරගෙන යාම අපහසුයි.මේ පිළිබඳව අදාළ බලධාරින්ගේ අවධානය යොමු කර මෙම රෝහලට අවශ්‍ය හෙදියන් ලබා දිමට පියවර ගන්නවානම් මෙම රෝහලින් ප්‍රදේශයේ රෝගින්ට විශාල සේවයක් ලබා දිමට පුළුවන්.“

අද (29) පැවති අඹගමුව ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු රැස්විමේදී ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (1)

මෝදි විවෘත කළ දික්ඔය රෝහලේ හෙද හිඟයක්

modi Wednesday, 30 August 2017 11:17 PM

ඉතින් ඒකට මෝධි පලිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site