(ටී.කේ.ජී.කපිල)

රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ,  " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යද්දී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

මොවුන් අවුරුදු 23 සහ අවුරුදු 39 යන වයස් වල පසුවන තායිලන්ත ජාතිකයන් වන අතර , ඔවුන් එරට මස් වෙළද සැළක , මස් කපන්නන් ලෙස සේවය කරන්නෝ වෙති .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , විටමින් අඩංගු බදුන් 16 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 496 ක ප්‍රමාණය සගවා ගෙන තිබූ අතර , " හෂීෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 641 ක ප්‍රමාණය බාහිරින් " මිදි තලපයක් "  සේ පෙනෙන ආකාරයට සකස් කර එය පොලිතින් වල ඔතා සකස් කර ගෙන තිබුණි .