(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හදිසි ගින්නකට හසුවීමෙන් හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපතිගේ බව කියන නිවසක් අද (23) දහවල් මුළුමණින්ම විනාශ වි ඇතැයි හලාවත පොලිසිය කියයි.
හලාවත මයික්කුලම අසරප්පා වත්තේ පිහිටි එම නිවසේ හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සමරතුංග මහතා පදිංචිව සිටි බව පොලිසිය පවසයි.
ඒ මහතා සහ පවුලේ පිරිස මෙම ගින්න හට ගත් අවස්ථාවේදි නිවසේ රැඳී සිට නැත.
පොලිසිය ඇතුළු පිරිස එක්ව ගින්න නිවා දැමු නමත් නිවසට හා එහි තිබු ගෘහ භාණ්ඩවලට දැඩි හානි වී ඇති බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ගිනි නොගත්තු ප්ලාස්ටික් පුටුවක් තියෙනවනේ
වතුර බෝතල් වගයකුත් තියෙනවනේ
ගින්න නිවූවේ වතුර බෝතල් වලින්ද ?
බය වෙන්ඩ එපා, දුක් වෙන්ඩ එපා.