බෝගහගොඩ ඉන්ධනහළක් කොල්ලකාලා ගිනි අවියක් ඇතැතිව මුහුණු ආවරණය කර ඇති ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක් බෝගහගොඩ ඉන්ධන පිරවුම්හළට කඩා වැදී එහි පොම්පකරු බියගන්වා ඔහු සතුව තිබූ ඉන්ධන විකුණා ලද මුදල් රුපියල් 30000 ක් අද (10) කොල්ලකා පළා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි. 11 September 2017
ගිංගඟ ඉවුරු රකින්න යද්දී ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා ගිං ගඟේ ඉවුරු පවිත්‍ර කරන්නේ යැයි කියමින් සුන්දර ගිංගඟ දෙපස මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති. ගිං ගඟේ බද්දේගම කොටසේ ඉවුර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය මේ දිනවල ක්‍රියාත්මක වෙයි. 10 September 2017
මිනුවන්ගොඩ අලෙවිසලක ගින්නක් මිනුවන්ගොඩ නගරයේ ලෙදර් කාපට් අලෙවි මධ්‍යස්ථානයක අද (10) උදෑසන ඇති වූ ගින්නකින් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ විය. 10 September 2017
ගවයින් 10ක් සමග අයෙක් සැකපිට නීති විරෝධීව බලපත්‍ර නොමැතිව ගවයින් දස දෙනකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග සැකකරුවකු අද (10) අළුයම 03 ට පමණ දර්ගා නගරයේදී අත් අඩංගුවට ගත් බව අලූත්ගම පොලීසිය කියයි. 10 September 2017
බ්‍රවුන්ලෝ වත්තේ පිරිසක් ඉවත් කෙරේ මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල ගලක් අධික වර්ෂාවත් සමග ඊයේ (09) රාත්‍රීයේ නිවසක් මතට කඩා වැටී ඇත. 10 September 2017
අධිබැලැති විදුලි උප්පාදන යන්ත්‍රය අනතුරකට අතවනයි යක්කල බෙම්මුල්ල මාර්ගයේ මැදවතුගොඩ ප්රදේශීයේ කුඹුරක් හා ඇළක් මැදිවන්නට ස්ථාපිත කර ඇති අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රකින් කාන්තුවීමෙන් එම ඇලේ මාළුන් හා ගැරඬින් මැරී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 09 September 2017
කංසා හේනක් වටලා ලක්ෂ 25ක ගංජා පෙලිස් බාරයට ඔක්කම්පිටිය පහලගම ගඩොල් බැම්ම ප්‍රදේශයේ දි වියළි ගංජා කිලෝ අටයි ග්‍රෑම් දෙසිය අනුවක් සහ අක්කර කාලක වගා කර තිබූ කංසා ගස් අටසිය අනු තුනකින් යුක්ත කංසා හේනක් වැටලූ බවත් කංසා වේලමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔක්කම්පිටිය පොලිසිය පවසයි. 09 September 2017
ධනවත් ගෙවල් බින්ඳැයි දෙන්නෙක් සැකපිට මීගමුව කොච්චිකඩේ සහ පුත්තලම ප්‍රදේශවල ධනවත් පුද්ගලයින්ගේ නිවාස බිඳ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනකු සිකුරාදා(09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මීගමුව අපරාධ විමර්ශන අංශය කොට්ඨාසය කියයි. 09 September 2017
හේවාහැට විදුලි සැපයුමේ දෝෂයක් හේවාහැට ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමේ සිකුරාදා (09) රාත්‍රියේ දී ඇතිවූ දෝෂයක් නිසා නිවාසවල විදුලි බුබුළු හා විදුලි උපකරණවලට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ප්‍රදේවාසීහු පවසති. 09 September 2017
අඩුපාඩු පිරි මැදබැද්දට නව භික්ෂුණී වාට්ටුවක් බලංගොඩ කල්තොට මැද බැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද මධ්‍යස්ථානයේ පවතින අඩු අඩුපාඩු පිළිබඳව පසුගියදා කළ හෙළිදරව්වෙන් පසු නව භික්ෂුණී වාට්ටුවක් ඉදිකිරීමට දානපතියකු ඉදිරිපත් වී ඇත. 08 September 2017
ලොරියක් පෙරළී 6කට තුවාල නමුණුකුල මියනදුර මාර්ගයේ තේ කර්මාන්තශාලා හන්දිය අසලදී අද(8) අලුයම ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 6 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 08 September 2017
අත්තනගලු- ඇලි- ඌරුවල් ඔය පිටාර ගලයි දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී පවතී. 07 September 2017
ලක්ෂ 20ක් හොරකම් කළැයි අයෙක් සැකපිට අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ පුද්ගලික සංචාරක නිකේතනයක හිමිකාර ජර්මන් ජාතිකයකුගේ රුපියල් ලක්ෂ 20ක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අද (07) වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි. 07 September 2017
උතුරු මැද මන්ත්‍රීවරයකුගෙන් මහ ඇමතිට එරෙහි නඩුවක් උතුරු මැද පළාතේ මන්ත්‍රිවරයකු ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරුවරු බඳවා ගැනිමට එරෙහිව තමන්ටත් පළාත් සභාවටත් විරුද්ධව නඩු පවරා ඇතැයි උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි. 07 September 2017
ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක වතුපාලන අධිකාරිය මගින් දිනක රුපියල් 790ක වැටුපට අමු තේ දළු කිලෝ 18ක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය කළ නියෝගයකට එරෙහිව හැටන් ස්ටැඩන් වතුයායේ කම්කරුවෝ පිරිසක් අද (07) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් කළහ. 07 September 2017
මස්කෙළියේ දී යතුරුපැදියක් ගිනිගනී මස්කෙළිය-සාමිමලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මස්කෙළිය, බැනියන් ප්‍රදේශයේදී අද (06) සවස හදිසියේ ගිනිගැනීම හේතුවෙන් එම යතුරුපැදිය සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. 06 September 2017
වැලිමඩ මූලික රෝහලේ වෛද්‍යවරු වැඩවරති වැලිමඩ මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිගයට පිළියම් ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු අද ( 06) අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. 06 September 2017
ප්‍රංශ තරුණියකගේ ජංගම දුරකතනයක් අ‘පුරේදී සොරා ගනී අනුරාධපුර අනුලා මාවතේදී ප්‍රංශ ජාතික තරුණියකගේ රුපියල් අනු දහසක් වටිනා ජංගම දුරකතනයක් සහ අව් කණ්නාඩියක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ඊයේ (05) රාත්‍රි 11.30 ට පමන පැහැර ගනු ලැබ ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 06 September 2017
මාවා සමග තිදෙනෙක් සැකපිට මාතලේ නගරයේ කරන ලද වැටලීමකදී මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි. 05 September 2017
මල් පැලට යටවී දරුවෙක් මිය යයි නිවසක් ඉදිරිපිට සවි කර තිබූ මල් පැලක් කඩා වැටී එයට යටවීමෙන් කුඩා දරුවකු අද (5) මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය කියයි. 05 September 2017
වතුකරයේ රුස්ස ගස් කපලා - බඹර ප්‍රහාර වැඩිවෙලා වතුකරයේ රුස්ස ගස් කපා දැමීම නිසා වතුකරයේ පවතින බඹර ප්රහාරයන් වර්ධනය වීමත් සමඟ වතු කම්කරුවෝ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 05 September 2017
හරිහැටි සේවය නොකරන මුරකරුවන් ඉවතට සබරගමු පළාතේ පාසල්වල ආරක්ෂාව සඳහා පත්කළ මුරකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන්නේ නම් ඔවුන් තවදුරටත් මුර සේවයේ තබා නොගන්නා බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි. 05 September 2017
අලවතුගොඩ-පූජාපිටිය මගට ගල් පෙරළෙයි මහනුවර ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් කඩින් කඩ වැසි ඇති වීමත් සමඟ අලවතුගගොඩ පූජාපිටිය මාර්ගයේ යහලුගහවෙල ප්‍රදේශයේ අද (05) ගල් පෙරළීම නිසා මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබිණ. 05 September 2017
කන්දකැටියේ කොල්ලකරුවකුට වෙඩි කන්දකැටිය මීගහකිවුල ප්‍රදේශයේ දී ඊයේ (3) රාත්‍රී කොල්ලලකෑම් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදී වෙඩි පහරක් වැදීමෙන් තුවාල ලැබු සැකකරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි. 04 September 2017
හොරෙන් තෙක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් දැලේ සාලියවැව පොලිස් වසමට අයත් 15 කණුව ප්‍රදේශයේ ඉඩමක නීති විරෝධීව ජංගම ඉරුම්පට්ටලයකින් තේක්ක දැව ඉරමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 04 September 2017
ත්‍රීරෝද රියට යට වී අයකු මරුට අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පන්ගොල්ලාමඩ කඩ මණ්ඩිය අසලදී පසුපසට ධාවනය වූ ත්‍රීරෝද රියක ගැටී ඇද වැටුණු පුද්ගලයෙකු හිසට බරපතල තුවාල සිදු වීම හෙතුවෙන් මිය ගොස් තිබේ. 03 September 2017
පිරවුම්හලකින් හැටන් ඔයට ඉන්ධන මුසු වෙයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල කුයිල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් තමන් පරිහරනය කරන පානිය ජලයට ඉන්ධන මුසුවන බව පවසමින් වතුකම්කරුවෝ පිරිසක් අද (03) එම ඉන්ධන පිරවුම් හල වැටලූහ. 03 September 2017
මහරගමට වතුර එන නලයක් පුපුරයි ලබුගම සහ කළටුවාව ජලාශවල සිට මහරගම දක්වා ජලය රැගෙන යන ජල නලයක් පාදුක්ක මීපේ ප්‍රදේශයේදී සෙනසුරාදා (02) රාතී‍්‍රයේ පුපුරා යාමෙන් අද (03) සවස් වනතෙක් ජල සැපයුම අත් හිටුවීමට සිදු වූ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි 03 September 2017
හිදගොඩ දිය බුබුල සිඳි යයි බදුල්ල හිදගොඩ දිය බුබුල හිටි හැටියේ සිඳීගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 03 September 2017
දරුවන් නොසලකා හැරීයැයි මවක් රිමාන්ඩ් තම දරුවන්ට වදහිංසා කර ඔවුන් නොසලකා හැර අනාචාරයේ හැසුරුණ බවට චෝදනා ලැබූ මවක මේ මස 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසේන හෙටිටිගේ මහතා අද (03) නියෝග කළේය. 03 September 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025