පින්නදූවේ ඉන්ධනහලක් කොල්ල කති ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් අද (03) අලුයම පැමිණි යතුරුපැදිකරුවන් තිදෙනකු අවි පෙන්වා කොල්ල කා තිබේ. 03 October 2017
පිං පෙට්ටි කැඩූ අයෙක් අත්අඩංගුවට අරණායක ප්‍රදේශයේ විහාරස්ථාන තුනක පිං පෙට්ටි කඩා මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයකු සොරාගත් මුදල් ද සමග අද (03) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 03 October 2017
වවුනියාවේ විරෝධතාවයක් වව්නියාව පූවර්ෂන්කුලම් ඇතුලු ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග වසර කිහිපයකින් පිළිසකර නොකිරීම් නිසා ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි ප්රදේශවාසිහු පිරිසක් අද (2) විරෝධතාවක නිරත වූහ. 02 October 2017
වවුනියාවෙන් ගංජා සමඟ අයෙක් දැලේ යාපනය සිට කොළඹ දක්වා රුපියල් අටලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 99 ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු (35) වවුනියාව ලංගම බස්නැවතුම්පලේදී අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි. 02 October 2017
‘නාවුල සීමා නිර්ණය ගැටලුවක්‘ පළාත් පාලන සීමා නිර්ණයන්ට අනුව නාඋල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොට්ඨාස බෙදි ඇති අයුරු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අද (1) නාඋල දී පැවැත්විණි. 02 October 2017
ඉඩම් නැති 100කට ඔප්පු ඉඩම් හිමිකම් අහිමි එහෙත් එම ඉඩම්වල පදිංචි පුද්ගලයන්ට සිය ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනක් බළන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී සිදුවිය. 01 October 2017
වැඩ ඉවර වෙන්නත් කළින් ගොඩනැගිල්ල විවෘත කරලා බලංගොඩ මූලික රෝහලේ ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල පසුගියදා හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් විවෘත කරනු ලැබුවද තවමත් එම ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන්ව නොමැත 01 October 2017
අඹේවෙල කම්හලට හානි කළැයි පැමිණිල්ලක් අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකට එරෙහිව සෙනසුරාදා (30) පැවැති උද්ඝෝෂණයේදී එම කර්මාන්ත ශාලාවේ විදුලි බුබුළුවලට හානි සිදුවී ඇතැයි පවසමින් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු අද (01) පටිටිපොළ පොලිසියට පැමිණිලි කර තිබේ. 01 October 2017
ලෝක ළමා දිනයට ජනපති පොලොන්නරුවේ ලෝක ළමා දිනය යෙදී තිබූ අද (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කළේය. 01 October 2017
ජවිපෙ හැටන්හී අත්පත්‍රිකා බෙදයි ‘අලුත් ජීවිතයක් වෙනුවෙන් සටන් කරමු‘ යන තේමාව යටතේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද (01) හැටන් නඟරයේදී අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීය. 01 October 2017
අලි ප්‍රහාරයෙන් යතුරුපැදිකරු මරුට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකුට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදි අද(01) අළුයම අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි 01 October 2017
රියදුරු බැඳ මෝටර් රිය ඉස්සූවැයි අයෙක් රිමාන්ඩ් ලක්ෂ 60ක් පමණ වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථයක් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව පුද්ගලයකු ලබන 04 වැනි තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අද (30) නියෝග කළේය. 30 September 2017
අඹේවෙල කම්හලක් වටකරති අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකින් ඉවතලන කිරි වාරි ඇළකට මුදා හරින බව පවසමින් ගොවියෝ පිරිසක් ඊට විරෝධය දක්වමින් අද (30) එම කම්හල වැටලූහ. 30 September 2017
සබරේ නේවාසිකාගාරවල ජල අර්බුදයට විසඳුම් ඉල්ලයි සබරගමුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල ජලය නොමැති වීම නිසා එයට විසඳුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ඉල්ලා සිටියහ. 29 September 2017
මීගහඅරාවේ දියේ ගිලී ගිය සෙබළෙක් මරුට බිබිල මීගහඅරාව වැවේ දිය නෑමට ගිය යුද හමුදා සෙබලෙකු අද ( 28 ) දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි. 28 September 2017
බිළිඳු මළ සිරුරක් එළවලු කොටුවක නොර්වුඩ් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළ කොටසේ එළවලූ කොටුවක තිබි බිළිඳු මළ සිරුරක් අද (28) සොයා ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි. 28 September 2017
හෝමාගම අධිකරණයේදී පළා යාමට තැත් කළ සැකකරු අල්ලයි අපරාධ රැසකට චෝදනා ලැබ සිටින සැකකරුවකු අද(28) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී පළා යාමට තැත් කරද්දී බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් එක්ව ඔහු අල්ලාගෙන ඇතැයි පොලිසිය පවසයි. 28 September 2017
විමල් මීගමුව උසාවියේ කල් ඉකුත් වු විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම හා පරිහරණය කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබු නඩුව අද (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණිනි. 28 September 2017
ගස් කඩා වැටී මෝටර් රථ දෙකකට හානි අධික වර්ෂාව හේතුවෙන් අද (27) කොළඹ නගරයේ ස්ථාන දෙකකදී ගස් කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබු බව පොලිස් මුලස්ථානය කියයි. 27 September 2017
මත්කුඩු අලවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට පුත්තලම නගරයේ ස්ථාන දෙකක සිදු කළ වැටලීම් වලදී පාසල් සිසුන්ට අලෙවි කිරීමට සුදානම් කර තිබූ මත් කුඩු පැකට් තොගයක් හා තීරු බදු රහිතව මෙරරට ගෙන එන ලද දුම්වැටි තොගයක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 27 September 2017
ගල් වළකට එරෙහිව විරෝධය අකුරණ පන්ගොල්ලාමඩ සහ මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පවතින ගල් වළකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) විරෝධතාවක් පැවැත්වූහ. 26 September 2017
ෂන්මුගානන්ද පාසලේ විදුහල්පති කාර්යාලය ගිනිගනී වවුනියාව සේමමඩුව ෂන්මුගානන්දමහා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය තුල ඊයේ (25) රාත්‍රියේ ඇති වූ ගින්නකින් විදුලි උපකරණ හා ලිපි ලේඛන සියල්ලම විනාශ වී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි. 26 September 2017
භික්ෂූන්ට අවමන් නොකරන්නැයි උද්ඝෝෂණයක් භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැම් කි‍්‍රයාකාරකම්වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණී. 25 September 2017
බොරැල්ලේ ඝාතනයට තිදෙනෙක් සැකපිට බොරැල්ල, සරණපාල හිමි මාවතේ දී ඝාතනයක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 25 September 2017
මත්වී දියනෑමට ගිය අය දැදුරු ඔයට බිළි මත්පැන් පානය කර දැදුරුඔයේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හලාවත පොලීසිය කියයි. 24 September 2017
බෙල්ලන්කඩවලින් පිරිමි මළ සිරුරක් තඹුත්තේගම කුඩා බෙල්ලන්කඩවල හන්දිය අසල තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් (50) අද (24) සොයාගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. 24 September 2017
තැලවිල්ලේ මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් සුරියවැව හම්බන්තොට අඩි සියය මාර්ගයේ තැලවිල්ල ප්‍රදේශයේ ගම්වාසීහු අද (22) විරෝධතාවයක් ඇරඹූහ. 22 September 2017
මවට සෙත පතා අමුතු තාලේ පින්කමක් විශ්‍රාමික පාඨශාලාචාර්යවරියකගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාතීන් සංවිධාන කළ භික්ෂූන්වහන්සේ 120 නමකට පිණ්ඩපාත දාන පින්කමකට එම මවගේ පාසල් මිතුරකු වූ සියවසක් දිවි ගෙවූ මහා සංඝයා වහන්සේ නමක්ද සහභාගිවීමේ දුර්ලභ අවස්ථාවක් පස්යාල වෙදගම ගම්මානයේදී දැකගත හැකිවිය. 20 September 2017
නව නිවාස ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය කොට්ටාව කුල සෙවන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර නවයක භූමි භාගයක නව නිවාස ව්‍යාපෘතියකට අදාළ වැඩ කටයුතු ආරම්භ කිරීමට කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහූ ඊට විරෝධය පළ කරමින් අද (20) විරෝධතාවක නිරත වූහ. 20 September 2017
කටුනායක ගුවන්තොටුපල මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසයට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශයේ අධිකරණ බල ප්‍රදේශය මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසය ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. 19 September 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025