(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මීගහඅරාව වැවේ දිය නෑමට ගිය යුද හමුදා සෙබළකු අද ( 28 ) දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
බිබිල පිටකුඹුර පදිංචි මින්නේරිය යුද හමුදා කදවුරේ සේවය කරන ආර්.එම්. පැතුම් ජයවර්ධන (23) නැමති තරුණයා මෙසේ මියගොස් තිබේ.
නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී යහළුවන් අට දෙනකු සමග එම වැවට ගොස් තිබේ.දිය නාමින් සිටියදී මෙම තරුණයා අතුරුදන්ව ඇති අතර ප්‍රදේශවාසීන් පැමිණ දිය යට මඩේ එරී සිටි තරුණයා ගොඩට ගැනීමට කටයුතු කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd