පුත්තලම - ජුඩ් සමන්ත.
මත්පැන් පානය කර දැදුරුඔයේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හලාවත පොලීසිය කියයි.
24 වැනිදා සවස 5.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. මිය ගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවට හදුනා ගෙන ඇත.
හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම යටදී මෙම අනතුර සිදුවී ඇත. තරුණයින් පිරිසක් 24 වැනිදා දහවල් කාලයේ මෙම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිට ඇත.පසුව දිය නෑමට ගිය එක් තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්වී ඇති අතර,එම ස්ථානයේ සිටි සෙසු අය විසින් ඔහුව සොයා ගෙන ඇත.නමුත් ඒ
වන විටත් ඔහු මිය ගොස් සිට ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd