(මොහොමඩ් ආසික්)
අකුරණ පන්ගොල්ලාමඩ සහ මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පවතින ගල් වළකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම ගල්වල වසා දමා තිබුණද නැවත එය ආරම්භ කිරීමට යන බව පවසමින් මෙම විරෝධතාව පැවැත්විණි.
අද දින අදාළ නිළධාරින් පැමිණ මෙම ගල් වළ පරීක්ෂා කිරීමට යන බව දැන මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.
කෙසේ නමුත් මේ සදහා පැමිණි නිලධාරින් පැවසුවේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.මෙම ගල් වළ නිසා නිවාස රැසක් ඉරිතලා ඇති බවද ඔවුහූ ප්‍රකාශ කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd