ප්‍රින්ස් රත්නායක
බලංගොඩ මූලික රෝහලේ ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල පසුගියදා හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් විවෘත කරනු ලැබුවද තවමත් එම ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන්ව නොමැත.
සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම බලන්ගොඩ ඕළුගන්තොට මූලික රෝහලේ නව ගොඩනැගිල්ල විවෘතකරුනු ලැබූවේ පසුගිය 23 වැනිදාය . එසේ විවෘත කරනු ලැබුවත් එම ගොඩ ගොඩනැගිල්ලේ කිසිදු නේවාසික රෝගියෙක් මේ වනතෙක් රඳවා නොමැත්තේ එය තවමත් පූර්ණ ලෙස වැඩ අවසන් කර නොමැතිහෙයිනි.
එම ගොඩ ගොඩනැගිල්ලේ පිටුපස කොටස තවමත් ඉදි කරමින් සිටින අතර ඉදිරිපස ඇති විවෘත කළ බවට සහතික වන ඵළක නිරාවරණය කළ ද ඇතුළු වීම සඳහා වන කොටසෙහි මේ වනවිට ටකරන් තබා වසා දමා ඇත්තේ තවමත් එහි ඉදිකිරීම් සිදුකරන බැවිනි.
මේ සම්බන්ධව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බී.එම්.සී. දසනායක මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු කියා සිටියේ තවමත් මෙම ඉදිකිරීම් අවසන් අවසන් කර නොමැති නිසා රෝගීන් නේවාසික නේවාසිකව තැබීමට තවත් කාලයක් ගතවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට වරයට උනෙත් ඕකම තමයි..
මහජන මුදලින් ඉදිකරන ලද කිසිම ගොඩනැගිල්ලකට මොනයම් අයුරකින්හෝ පලකවල් තැබිය නොහැකිසේ නීති සකස් කල යුතුවේ. වියදම අපේ නම එයාගේ. මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා වගේ කතාවක්. දේශපාලඥයන්ට නම් දාගන්න ඕනෙ නම් හොරකම් කරපු සල්ලිවලින් මොනා හරි කරලා නම් දාගන්න කියන්න.
පුදුම දේශපාලන බලලෝභී ප්‍රේතයෝ ටිකක් මුළු රටේම ඉන්නේ. කොයි ආණ්ඩුවත් වර්තමාන සියලුම දේශපාලන පක්ෂත් ඔක්කොම එකයි.