(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම කුඩා බෙල්ලන්කඩවල හන්දිය අසල තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් (50) අද (24) සොයාගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ මුහුණේ සීරිම් තුවාල දක්නට ලැබුණ බවත් පොලිසිය කියයි.
ඔහුගේ ජාතික හැදුනුම්පත වෙනුවට සහතික කරන ලද සේයාරුවක් සොයාගත් බවත් එහි සෝමරත්න යන නමත් පදිංචිය පැලවත්ත ලෙසත් සඳහන් වී තිබූ බවත් පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරුර මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට බාරදී තිබේ.
මියගිය පුද්ගලයා හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd