බොරැල්ල, සරණපාල හිමි මාවතේ දී ඝාතනයක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පසුගිය 15 වැනිදා බොරැල්ල, සරණපාල හිමි මාවත දුම්රිය මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණු අතර එම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් 20 සහ 32 හැවිරිදි වයස්වල පසුවන බොරැල්ලේ පදිංචිකරුවන් බව කියති.
ඔවුන් අද(25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd