(කේ බුද්ධික කුමාරසිරි)
කොට්ටාව කුල සෙවන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර නවයක භූමි භාගයක නව නිවාස ව්‍යාපෘතියකට අදාළ වැඩ කටයුතු ආරම්භ කිරීමට කොන්ත‍්‍රාත් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදී ප‍්‍රදේශවාසීහූ ඊට විරෝධය පළ කරමින් අද (20) විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම භූමිය තමන් වසර 35 කට පමණ අධික කාලයක සිට ප‍්‍රදේශයේ පොදු කටයුතු සදහා භාවිතා කරන බැවින් එවැනි පොදු කටයුතු සදහා ඉඩම් කොටසක් වෙන් කර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි
එම ස්ථානයේ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවෝ අනතුරුව පා ගමනින් කොට්ටාව - මාලබේ ප‍්‍රධාන මාර්ගය දක්වා පැමිණ එහි විරෝධතාවක් පැවැත්වූහ.
අනතුරුව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විරෝධතාකරුවන් පිරිසකට අමාත්‍යංශයේ දි සාකච්චාවක් ලබා දුන් අතර ඉන්පසුව විරෝධතාව අවසන් කෙරිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට ඉතින් මොනවා කරන්න ගියත් වැරදියි
අපේ රට දිනෙන් දින අයාලේ යනවා.......කිසිම ආර්ථික සැලැස්මක් නෑ... කිසිම දෙකට විදිමත් සැලැස්මක් නැති අවුරුදු 5 න 5 ට වගකීමක් නැති පිරිසක් තට්ටු මාරුවට ගෙන රටේ අනාගතය විනාශ කරනවා..
අවුරුදු 35ක් නෙවෙයි 55ක් වුනත් රජයේ ඉඩමක් අනවසරයෙන් භාවිතා කලා නම් ඒ භාවිතා කරපු අයට වහාම දඬුවම් පමුණුවන්න ඕන.