(ඉන්දිකා රාමනායක)
අධික වර්ෂාව හේතුවෙන් අද (27) කොළඹ නගරයේ ස්ථාන දෙකකදී ගස් කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබු බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම ගස් ගඩා වැටුනේ කොළඹ 7 වෝඞ් පෙදෙසේ හා ගංගාරාම පෙරහර මාවතේ දී බව පොලිසිය කියයි.
වෝඞ් පෙදෙස් ගස කඩාවැටීමත් සමග එම මාර්ග වල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබු අතර පොලිසිය සහ කොළඹ නගර සභා සේවකයින් විසින් එම ගස් කපා ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd