(රංජිත් රාජපක්ෂ)
භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප‍්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැම් කි‍්‍රයාකාරකම්වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණී.
අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජා මහතා විසින් මෙම විරෝධතා ව්‍යපාරය අද (25) ආරම්භ කළ අතර මෙම විරෝධතාවය මගින් භික්ෂුන් වහන්සේලාට සිදුකරන අවමන් නතර කරන ලෙසට ජනාධිපතිවරයාට මැදිහත්වන ලෙස බලකරමින් තැපැල් පත් යොමු කිරිමක්ද සිදුවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටලෝ දහමෙහි නොසැලෙන නිවැරදි භික්ෂූන්ට අවමන් වෙන්නේ නැහැ. අවමන් කියන්නෙත් අටලෝ දහමෙහි එන දෙයක්. මොකටද කවුරුවත් සිවුරේ එල්ලිලා ලකුණු දාගන්න මේවගේ වැඩසටහන් කරන්නේ ....මිනිස්සු හැමෝම නුගත් මෝඩයෝ නොවේ...
කහ පාට සිවුරක් ඇඳ හිස බූ ගා ගත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතරත් ලොකු වෙනසක් තිබෙන බවත් අප දන ගත යුතුයි.
අනේ හාමුදුරුවනේ ඔබ වන්සේලා දේශපාලඥයන්ට කඩේ ගිය නිසා තමයි මෙවැනි අපවාද අහන්න උනේ .මෙනිෂා බුදුදහම ආරක්ෂා කරගන හිටිය ගමේ පන්සල් වල හාමුදුරුවන්ට ලොකුම අසාධාරණය උනේ....මේවට වග කියන්න ඕන සංවිධාන හදාගත් මාධ්‍යය ඉදිරියේ කෑගහන හමුදුරුවෝ.
මට තිබෙන ගැටලුව භික්ෂුව නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද කියලා? බුදු දහමේ හදුන්වා දෙන පරමාදර්ශී භික්ෂුව හා වර්තමාන සමාජය තුළ ජිවත්වන භික්ෂුව අතර ක්‍රියාකාරකම් වල ඉතා පරස්පර බවක් තිබෙනවා.
ඊට කලින් සාසනේට හා බුදුදහමට අවමන් නොවන ලෙස සංඝයා වහන්සේලා හැසිරිය යුතුය.. ඔවුන් එසේ හැසිරෙන විට ජනතාවගෙන් ලැබෙන අවමානය කිසි කලෙක නතර කල නොහැක. මේ අප ඉන්නේ රාජ යුගයේ නොවේ.... 21 ව සියවසේ පළමුව වැරදි කර උන් නිවැරදි විය යුතුය.... දෙවනුව ඉබේම අවමන් කරන උන් නිහඩ වෙනු ඇත.... රට ජාතිය ජනතාව යහ මගට ගන්න ඉන්න සඟරුවන හොරුන් රකින්න උන්ට කඩේ යන්න ගත කල දායකය උඩ බලා සිටි කාලය අවසන්ව ඇත. දර්මය රකින්නා දර්මයේ හැසිරිය යුතුය ඔවුන් එසේ නොකරන විට දායකයට සංඝයා වහන්සේලා පාලනය කිරීමට සිදුවනු ඇත.
සිල්වත් හාමුදුරුවරුන්ට කිසිවෙක් අපහාස කරන්නේ නැහැ.