ගන්දර අනතුරෙන් ලොරි සහායකයා රෝහලේ ගන්දර පොලිස් වසමේ බෙලිවත්ත ප්‍රදේශයේදි සහල් ලොරියක් අනතුරට පත්වීමෙන් එහි සහායකයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 22 October 2017
කටුනායක සුපිරි මඟේ අනතුරකින් දෙදෙනෙක් මරුට රථ ගාලක නවතා තිබු රුපියල් ලක්ෂ 12 පමණ වටිනා ත්‍රීරෝද රථයක් සොරකම් කළ සැකකරුවෙක් ලබන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් සුනන්ද හේරත් මහතා නියෝග කළේය. 22 October 2017
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් තුනකට තුවාල දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ වැටී ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගත් රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 22 October 2017
මෝටර් රථය රේල් බසයක ගැටෙයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක වැවහේන පාර ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයෙන් යාමට තැත්කල මෝටර් රථයක් පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ රේල් බසයක ගැටිමෙන් අද (20) සවස සිදු වූ අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදු ව තිබුණි. 20 October 2017
විදුහල්පති මාරු නොකරන්නැයි උද්ඝෝෂණයක් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා වෙනත් පාසැලකට මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම පාසලේ දෙමාපියන් පිරිසක් අද(20) විරෝධතාවයක නිරත වූහ. 20 October 2017
මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා ඉදිරි මැතිවරණයේ දී සියලූම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකම වේදිකාවකට ගෙන්වා ගෙන ඔවුන් ඡන්ද දායකයන් වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග එකම වේදිකාවක සාකච්ඡා කිරීමේ වැඩ පිළිවෙලක් ගොඩකවෙල සවිබල පුරවැසි සංවිධානය ආරම්භ කර ඇත. 20 October 2017
වව්නියාවේ ස්ථාන දෙකක කපා කොටා ගැනීම් හයක් වව්නියාව පන්ඩාරිකුලම් හා කට්පගකුලම් ප්රදේශවලිදී ඊයේ (19) රාත්‍රියේ තියුණු ආයුධ වලින් සිදු කර ගත් පහර දීම් හේතුවෙන් මේ වන විට හයක් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය කියයි. 20 October 2017
ඇලහැර වැසියෝ උද්ඝෝෂණයක ඇලහැර බකමුණ නගරයේ සමෘදි බැංකුවක් ඉදිකිරීම් සඳහා රජයෙන් ලබාදී ඇති ඉඩම වෙනුවට වෙනත් ඉඩමක් ලබා නොදෙන ලෙස ඉල්ලමින් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 14කට අයත් 1500 කට අධික පිරිසක් අද උදේ බකමූණ නගරයේදී උද්ඝෝෂණයක් කළහ. 19 October 2017
අනවසරෙන් නැදුන්- තේක්ක දැව කැපු දෙදෙනෙක් අත්අඩංගුවට ගිරිඋල්ල, මුතුගල සහ බිහල්පොල මාර්ගයේ උඩවෙල මංසන්දියේ දී අද (19) බලපත් නොමැතිව ප්‍රවාහනය කළ ඉරු දැව කොටන් හා ලෑලි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 19 October 2017
මිනීමැරුමක සැකකරු පිං පෙට්ටිය කඩා යද්දී කොටුවෙයි මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු ලෙස අධිකරණයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයකු කලල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පිං පෙට්ටි දෙකක් කඩා එහි තිබූ රුපියල් 28000ක මුදලක් සොරගෙන පළා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 18 October 2017
උඩවත්තකැලේ අනතුරේ මහනුවර උඩවත්තකැලේ රාජකීය වනෝද්‍යානය තුළ ආක්රමණික ශාඛ ශීඝ්‍ර ලෙස පැතිරී යාම නිසා දේශීය ශාඛ විනාශ විමේ තර්ජනයකට මුහුණ දී ඇත. 18 October 2017
අනවසරෙන් අඹ කැඩු කාන්තාවට ඇප අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා අද (17) නියෝග කළේය. 18 October 2017
එරාවුර් හි මවක් සහ පුතෙක් ඝාතනය කරලා මඩකලපුව එරාවුර් සව්කඩේ ගම්මානයේදි අද (17) මවක් සහ පුතෙක් කපා ඝාතනය කර ඇති බව එරාවුර් පොලීසිය පවසයි. 18 October 2017
සැමියා හා දරු දෙදෙනාගේ අවමඟුලට එන්න බැරි වු ගෘහ සේවිකාව දිවයිනට නායයාමකින් තම සැමියා හා දරු දෙදෙනා මිය ගිය අවස්ථාවේවත් මෙරටට පැමිණීමට නොහැකිවූ සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත් වීම මත දිවයිනට ගෙන්වා ගත හැකි වී ඇත. 18 October 2017
හොර වැලි ප්‍රවාහනය පොලිසියට කොටුවෙයි බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අලව්ව - නාරම්මල මාර්ගයේ වැලි ප්‍රවාහනය කළ ට්‍රක් රථ දෙකක් අද (18) අලුයම විල්ගොමුව ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය පවසයි. 18 October 2017
සොරණාතොට කඳුවැටියක ගින්නක් කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් අද (17) සොරණාතොට, එගොඩවෙල, ගොවිපලගම ගම්මානයට ඉහළින් පිහිටි කඳුවැටියට ගිනිගෙන තිබිණි. 17 October 2017
මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පුවේ වැසියෝ උද්ඝෝෂණයක මුලතිව් පුදුකුඩිඉරිප්පු වැසියන් පිරිසක් අද (17) සිය මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 17 October 2017
ඌව ගුරු විභාගය සමතුන්ගේ සංගමයෙන් විරෝධතාවයක් ඌව පළාතේ ගුරුවිභාගය සමතුන්ගේ සංගමය අද(17) පළාත් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමි විරෝධතාවයක නිරත විය. 17 October 2017
ආපන ශාලාවක කළමනාකරු රවටා මුදල් ගෙන පළා ගිහින් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකු එහි කළමනාකරු රවටා සූක්ෂම ලෙස රුපියල් 13000ක් රැගෙන පළාගිය අයුරු ආපන ශාලාවේ සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි. 17 October 2017
සිවිල් අාරක්ෂක සෙබළා වාහන දෙකකට යටවී මරුට අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුබද්ධව රාජකාරි කළ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සෙබළකු (43) අම්බලන්තොට නගරයේ රාජකාරියේ යෙදී සිටියදී බන්ධනාගාර කැබ් රථයකට හා තවත් කුඩා ලොරි රථයකට යටවී මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 17 October 2017
සෙවනපිටිය ගම්වැසියෝ උද්ඝෝෂණයක වසර තිහක් අබලන්ව පැවති වැලිකන්ද ගිනිදමන නෙළුම්වැව මාර්ගය ඉදිකිරිමට මිට වසරකට ඉහත දී මුල්ගල තැබුව ද එය අතර මග නතර කිරිමට එරෙහිව විරෝධය පල කරමින් ගම්වැසියෝ අද (16) සෙවනපිටිය නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත වුහ. 16 October 2017
උහන අනතුරකින් අයෙක් මරුට අම්පාර පොලිස් බල ප්‍රදේශයේ උහන ගුවන් හමුදා කඳවුරට ඇතුල්වෙන ආසන්නයේ දී අද (16) යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදිමෙන් අයෙක් මිය ගිය බව පොලිසිය කියයි. 16 October 2017
ආපන ශාලා සංගම් සභාපති අලෙවිසලක යකා නටයි කොට්ටාව - මත්තේගොඩ මාර්ගයේ පිහිටි අලෙවිසලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි කියමින් කලහකාරී ලෙස හැසිරුණු සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති බව කියන අයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. 16 October 2017
හොරෙන් වැලි පැටවු දෙදෙනෙක් අත්අඩංගුවට මඩකලපුව කොක්කොඩිචෝලෙයි පොලිස් වසමට අයත් පෙදෙසේ නීති විරෝධී අන්දමින් වැලි පැටවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 16 October 2017
ඌව වෙල්ලස්සටත් ශිෂ්‍ය සංවිධානයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ප්‍රථම වරට ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවාගෙන ඇතැයි වාර්තා වේ . 15 October 2017
වෑන් රියක් හැටන් ඔයට පෙරලෙයි කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් අද (15) හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයකට වැටී හැටන් ඔයට පෙරලිමෙන් තිදෙනකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි. 15 October 2017
ගාලු පාර හරහා මාර ගසක් වැටේ අධික වර්ෂාව සමග හමාගිය තද සුළඟකන් මොරටුව රාවතාවත්තේදී ගාලු පාරට මාර ගසක් කඩා වැටීමෙන් ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටි බව පොලිසිය කියයි. 14 October 2017
උයන්වත්තේ බාධකය ඉවත් කරන්නැයි මුදල් ඇමැති දැනුම් දෙයි මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඇති ප්‍රධාන දොරටුව අවහිර කර රථ ගාලක් සාදා වාහන වලින් පැමිණෙන අයගෙන් මුදල් අය කර ගැනීම වහාම නතර කරන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී කර ඇත. 14 October 2017
කොස්තාපල්ගේ නිවසේ තිබූ කාරයට ගිනි මීගහතැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසේ තිබු මෝටර් රථයක් සිකුරාදා(13) රාත්‍රියේ දී ගිනි තබා ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 14 October 2017
කසල තේ හැදුවැයි දෙන්නෙක් දැලේ හැටන් විල්ප්‍රඩ්පුර නිවසක බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බව කියන තේ කොළ නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 13 October 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025