(සනත් ගමගේ)
අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුබද්ධව රාජකාරි කළ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සෙබළකු (43) අම්බලන්තොට නගරයේ රාජකාරියේ යෙදී සිටියදී බන්ධනාගාර කැබ් රථයකට හා තවත් කුඩා ලොරි රථයකට යටවී මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට වලවේ ගඟ පාළම අසල දී රාත්‍රී 10 ට පමණ වාහනයක් නතර කිරීමට විදුලි පන්දම දැල් වු අවස්ථාවේ දී පසුපසින් පැමිණි කැබ් රථයකට හා නතර කිරීමට අණ ලබා දුන් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයට ද යට වීමෙන් බරපතල තුවාල ලබා ඔහු මිය ගොස් ඇති බව දැනට කර ඇති පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව පොලිසිය කියයි.
බරපතල ලෙස තුවාල ලබා සිටි සිවිල් ආරක්ෂක සෙබලා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd