(කේ බුද්ධික කුමාරසිරි)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක වැවහේන පාර ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයෙන් යාමට තැත්කල මෝටර් රථයක් පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ රේල් බසයක ගැටිමෙන් අද (20) සවස සිදු වූ අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදු ව තිබුණි.
එම දුම්රිය හරස් මාර්ගයේ සේවයේ නිරතව සිටි මුරකරු ශරීර අවශ්‍යතාවයක් සදහා අසල නිවසකට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මීපේ පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් නොමැත මීපේ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් වාහනයක් පාවිච්චි කරනකොට වැදගත් විදියට පදවන්න ඕනෑ.
එක අතකට ඔවැනි පුද්ගලයින් හට ඔහොම විය යුතුයි , මොකද ඔය කට්ටිය රේල් පාරේ නොවෙයි මහා පාරක ගියත් ඔය අයට මාර තදියමක් තියෙන්නේ , ඔය කට්ටිය හිතන්නේ එයාල විතරයි වාහන පදවන්නේ, එයාලට විතරයි පර අයිති කියල නොමැරී බේරී අන් අයටත් පාඩමක් උගන්වපු එකට ගොඩක් පින් .
අනාරක්ෂිත දුම්රිය හරස් මගකදී අනුගමනය කල යුතු නිතී රියදුරන් අනුගමනය කරන්නේ නැති නිසා තමා මේ අනතුරුවලට හේතුව. එක දුම්රිය දෙපාර්තමේන්තුව වග කියන්න ඕන නැහැ. දෙවැනි කාරණය තමා ඇමතිවරු යන වාහන, බස්, ත්‍රී වීල් සහ බයිසිකල් වලට තියෙන හදිසිය මේ වාහනවල නැහැ. මොකද මේක හයිබ්‍රිඩ් එකක්.