(උපාලි ආනන්ද)
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා අද (17) නියෝග කළේය.
ලබන වසරේ ජනවාරි 30 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකාර කාන්තාවට නියෝග කැරිණි.
සැකකාර කාන්තාව අනවසරයෙන් කඩා ගත් බවට සැකකරන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛණ ගත කර තිබේ.
තමන් අනවරසයෙන් අඔ ගෙඩි 19 ක් නොකැඩූ බවත් අඹ මාලූවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඔ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹ ගෙඩි 19 ක් කපු කෙනාව අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක වෙනවා එත් මහා බැංකුව දවාලේම ඉතාම සැලසුම්සහගතව කාපු උදවියට තවම මුකුත් කෙරුනේ නැහැ. තවම කොමිසන් දමාගෙන විස්තර අහනවා. මේකද යහපාලනය ? මේකද පොලිස් කොමිසම් වලින් කෙරෙන්න ඕනේ ? මේවා රජයේ මුදල්, කිසිම ප්‍රමාදයක් නොකර අනෙක් උදවියට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට දඩුවමක් දෙන්න ඕනේ මහා පරිමාන වැරදි .
අඹ ගෙඩි 19 ට රුපියල් ලක්ෂයක ඇප. මහ බැංකුවේ වංචාවට නඩු දැම්මොත් අඩුම ගානේ ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදනයට සමාන ඇපයක් වත් ඕන වෙයි. ඕව ගැන හිතල තමයි මහ බැංකුවේ වංචාවට නඩු දන්නේ නැතිව අවුරුදු 2 තිස්සේ අතගාන්නෙ.
මෙවැනි සුළු සොරකම් වලට නඩු දැමීම, පොලිසි සහ උසාවි වල කාලය කා දැමීමක් පමණි. මෙවැනි දේ නිසා තමා අද උසාවි වල නඩු ගොඩ ගැසී, නඩුවක් විසදීමට අවරුදු 20 ක් කල් ගත වන්නේ. මෙවැනි සුළු හොරකම් සමාදාන වින්ශ්චයකරුවෙකු හෝ පොලිස් ස්ථානාධිපති මාර්ගයෙන් විසදා ගත යුතුයි.
ලංකාවේ නීති,රිති බොහෝම පැරණියි නඩුවක් විභාග කර අවසන් කරන්නට කල්පයක් ගතවෙනවා අරවින්ද කියනවා වගේ මේ උසාවි ක්‍රමය වෙනස්විය යුතුයි මේ ක්‍රමය සූරන් කන ජාවාරමක් වෙලා. මිනිසුන් පිඩාවට පත් කරලා කණගාටුයි කියන්නට.
මේම කාන්තාවත් රුපියල් මිලියන 1000 කවත් මහජන සල්ලි වංචාකල නම්, ඇප අවශ්‍ය වෙන්නේ නැහැ. කොමිසමකට ගිහින් මොනවා හරි බොරුවක් කියල ගෙදර එන්න තිබුණා.
මේ අඹ ගෙඩි 19 වටිනාකම කීයද? දැන් මේකට නඩු කියන්න පොලිසියට උසාවියට යන කාලය කොච්චර යනවද ? මේවගේ පැමිණිලි ඇයි සමත මණ්ඩලය හරහා විසදන්න බැරිද? ලංකාවේ තියෙන්නෙම මේවගේ බරපතල නඩු. එක්කෝ පොල් ගෙඩි 6 කඩුව කියයි. සමහරු කෝටි ගණන් වංචා කරලත් කිසිම ඇප නැතුව ඉන්නවා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ
කඩා ගත්තා කියන්නේ ගෙඩි තුනයි, නමුත් නඩු දාන්නේ ගෙඩි දහ නමයකට. මෙතැන තියෙන්නේ අසල් වැසියාගේ කුහක කමක්.
මෙවැනි සොරකම්වලට අනිවාර්යයයෙන් උසාවි දමා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සොරකම් කළ කෙනා තමන් සොරකම් කළ නියම ප්‍රමාණය කවදාවත් කියයිද? හොරාගේ කීම ඇත්ත හැටියට බාර ගෙන ඉඩම් අයිති කරුට අපහාස කරන්නේ ඇයි? කෝලාහලවලට නොගොස් නීතිගරුකව කටයුතු කිරීම ගැන ඉඩම් අයිති කරුට ස්තුති කළ යුතුයි.
කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් වංචා කරලා කට උත්තර දීමත් ප්‍රතික්ෂේප කරලා ඉන්න පුළුවන් රටේ මේ මහලු කාන්තාව බඩගින්නට කන්න කඩපු අඔ ගෙඩි 3 ට ලක්ෂයක් ඇප. සකල සිරින් පිරි සිරි ලංකාවේ නිතිය ගැන කොහෙන් හිනා වෙන්නද ඕනේ කියල තමයි හිතන්න වෙන්නේ.