(විනීතා එම් ගමගේ)
ඉදිරි මැතිවරණයේ දී සියලූම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකම වේදිකාවකට ගෙන්වා ගෙන ඔවුන් ඡන්ද දායකයන් වෙනුවෙන් ගන්නා ඉදිරි ක‍්‍රියා මාර්ග එකම වේදිකාවක සාකච්ඡා කිරීමේ වැඩ පිළිවෙලක් ගොඩකවෙල සවිබල පුරවැසි සංවිධානය ආරම්භ කර ඇත.
මේ වන විටත් එම සංවිධානය විසින් දේශපාලන පක්ෂ නියෝජිතයින් එකම වේදිකාවකට කැඳවා ඔවුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ.
පොදු වේදිකාවලට අපේක්ෂකයන් ගෙන්වා ගන්නා අතර ඡන්ද දායකයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙළ යැයි ගොඩකවෙල පුරවැසි සංවිධානයේ මෙහෙයුම්කරුවෙකු වන කැලූම් දීපාල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිරි මැතිවරණ පුරවැසියන්ට වාසිදායක කරගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි ද හෙතෙම සඳහන් කළේය.
සුදුසු අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලට බලකිරීමට ඉකුත් සාකච්ඡාවේදී ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා
දිලාන් Friday, 20 October 2017 07:25 AM
එකම වේදිකාවකට ගෙනාවත් නැතත් සෑම දේශපාලන පක්ෂයකම නියෝජිතයන් ඉන්නේ එකම අරමුණක තමයි. ඒ තමයි බලයට පැමිණි පසු ඔළුගෙඩි මාරුවකින් කොහොම හරි තුනෙන් දෙක හදාගන්න එක, පුළුවන් තරම් රට සහ ජනතාව හූරගෙන කන එක, ඊළඟ චන්දෙදිත් කොහොම හරි මිනිසුන් රවටා බලයට එන එක සහ හොරුන් සහ දූෂිතයන් ආරක්ෂා කරන අතර ඔවුන් අත්අඩංගුවට ගන්න ආකාරයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව ගොනාට අන්දවන එක. දේශපාලන වේදිකාවල කියන ඒවා අහන එක අපි නම් නවත්තල ටිකක් කල්.
PerakumFriday, 20 October 2017 08:47 AM
එක නෙවයි දිලාන් කෙරෙන්න ඕන. ඔය කියන ඔළුගෙඩි මාරුවට ඉඩ නොතැබීමයි. ඒ සඳහා පගාවට පක්ෂ මාරු කරන්න බැරි විධියට ව්‍යවස්ථාව සංසෝධනය කල යුතුයි. ඒත් අපේ දේශපාලකයෝ කිසිවෙක් ඊට කැමති නෑ.
sam Friday, 20 October 2017 08:14 PM
මේ වැඩෙන් මීට ඉහත තිබුණ "විපක්ෂ රැස්වීම් වලට පිට්ටනි නොදීමේ" ලාංකික අනන්‍යතාවය නැතිවෙනවා කියලා කවුරු හරි උද්ඝෝෂණ කරාවි .