(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල, මුතුගල සහ බිහල්පොල මාර්ගයේ උඩවෙල මංසන්දියේ දී අද (19) බලපත් නොමැතිව ප්‍රවාහනය කළ ඉරු දැව කොටන් හා ලෑලි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
මෙම ඉරු දැව මුම්මානේ ප්‍රදේශයේ සිට දඹදෙනිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබු බවත් ඉරු තේක්ක,කොස් හා මහෝගනි වැනි වටිනා දැව කෑලි හා ලෑලි 527 ක් තිබූ බවත් ලී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය මහේස්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd