(ශාන්ත කුලරත්න)
කොට්ටාව - මත්තේගොඩ මාර්ගයේ පිහිටි අලෙවිසලක ආහාරයට නුසුදුසු සහල් වර්ගයක් අලෙවි කළේ යැයි කියමින් කලහකාරී ලෙස හැසිරුණු සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති බව කියන අයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
මොහු පැමිණ අලෙවිසලහි තිබූ කැඩුණු සහල් සහ තවත් භාණ්ඩ කිහිපයක් රැගෙන මුදල් අයකැමි වෙත ගියවිට එහි තිබූ කැඩුණු සහල් බිල් කිරීමට නොහැකි බව මුදල් අයකැමි පැවසීමත් සමග බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd