(විනීතා එම් ගමගේ)
නායයාමකින් තම සැමියා හා දරු දෙදෙනා මිය ගිය අවස්ථාවේවත් මෙරටට පැමිණීමට නොහැකිවූ සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත් වීම මත දිවයිනට ගෙන්වා ගත හැකි වී ඇත.
රත්නපුර, මෙරුකන්ද වත්ත ප‍්‍රදේශයේ පදිංචි එස්.කේ.චන්ද්‍රලේඛා මහත්මිය මෙම ඛේදජනක අත්දැකීමට මුහුණ දී ඇති අතර ඇය 2016 වසරේ අපේ‍්‍රල් මස 18 වැනි දා ගෘහ සේවිකාවක වශයෙන් සෞදි අරාබියේ රැකියාවට ගිය අයෙකි.
2017 මැයි මාසයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර මෙරුකන්ද නායයෑම නිසා ඊට හසුවූ ඇයගේ සැමියා හා දරු දෙදෙනා වැළලී තිබේ.
ඒ වන විට ඇයගේ සේවා කාලය ඉක්මවා නොතිබීම හේතුවෙන් ඇයව දිවයිනට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාල නිළධාරීන්ට විශාල දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd