( අමල් වික්‍රමරත්න )
ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් අද (03) අලුයම පැමිණි යතුරුපැදිකරුවන් තිදෙනකු විසින් අවි පෙන්වා කොල්ල කනු ලැබ තිබේ.
එම අවස්ථාවේ සේවකයන් අත තිබු රුපියල් 54000ක් සහ ඔවුන් සතුව තිබු මාලයක්ද පැහැරගෙන ඇත.
ඔවුන් පැමිණි යතුරුපැදියට ඩීසල් පොම්පයකින් ඉන්ධන පුරවාගෙන ඇතැයිද ඒ අනුව වැඩි දුරක් යාමට පෙර යතුරුපැදිය මග නවතින්නට ඇතැයි ද පොලිසිය කියයි.නමුත් කොල්ලය සිදුවී විනාඩි 20 කට ආසන්න කාලයකදී පොලිසිය පැමිණ ඇතත් කොල්ලකරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකිවී ඇත.
සති කිහිපයකට පෙර හබරාදුව,මාතර,අකුරැස්ස ප්‍රදේශවල පිහිටි ඉන්ධනහල් තුනක් මේ ආකාරයෙන්ම යතුරු පැදිකරුවන් තිදෙනකු විසින් කොල්ල කනු ලැබ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනක අදායම මිලියන ගණනක් වන මෙවැනි සේවා ස්ථානයක ආරක්ෂාව අන්තිමයි.. අනිවාර්යෙන් රාත්‍රියට මුදල් එකතුවුණු විට කොල්ලකරුවන් එනබව දැනගෙන ඉන්න ඕන