IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පිං පෙට්ටි කැඩූ අයෙක් අත්අඩංගුවට

(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න සහ බණ්ඩාර ජයරත්න)

අරණායක ප‍්‍රදේශයේ විහාරස්ථාන තුනක පිං පෙට්ටි කඩා මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයකු  සොරාගත් මුදල් ද සමග අද (03) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මත් කුඩු වලට ඇබිබැහි වු අයෙකු බව පොලිසිය කියයි. දිප්පිටිය රාජගිරි මල්පා රජමහා විහාරස්ථානයේ බුදු මැදුරේ ජනේලයක් කඩා ඇතුළු වී පිං පෙටිටියේ මුදල් සොරකම් කරමින් සිටින අවස්ථාවේ ප‍්‍රදේශවාසින් විසින් සැකකරු අල්ලාගනු ලැබ අරණායක පොලිසියට භාර දි ඇත.සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරිමේදි ඔහු සිදු කළ සොරකම් පිළිබඳ පාපොචිචාරණය කර ඇත.

දිප්පිටිය රාජගිරි මල්පා රජමහා විහාරය, වැලිමන්න  ශි‍්‍ර විජේසුන්දරාම විහාරය හා හත්ගම්පල ශ‍්‍රි මහා බෝධි විහාරය යන විහාරස්ථානවල පිං පෙට්ටි කඩා මුදල් සොරකම් කර ඇති බවට ආනාවරණය වූ බව පොලිසිය පවසයි.හත්ගම්පල ශ‍්‍රි මහා බෝධි විහාරස්ථානයේ චෛත්‍යයේ චූඩාමාණික්‍ය සොරකම් කිරීමටද සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සැකකරු හා සම්බන්ධ මත් කුඩුවලට ඇබ්බැහිවු තවත් කිහිපදෙනකු සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

පිං පෙට්ටි කැඩූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site