(එම්.ගීතාකර)
සබරගමුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල ජලය නොමැති වීම නිසා එයට විසඳුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ඉල්ලා සිටියහ.
විශ්ව විද්‍යාලයේ කලක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාවල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇති බව සිසුහු කියති.
විභාග කාලසීමාවක් පවතින බැවින් මෙවන් ගැටලු පිළිබදව පරිපාලනයේ ක්‍රියා කලාපය වීවේචනය කළ සිසුන් තම විභාග වලට ගියේ උපකුලපති කාර්යාලයේ ඇති ජල කරාම වලින් තම දෛනික කටයුතු කරගැනීමෙන් අනතුරුව බව පැවසේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර නුඹලව කඩේ යවන එවුන්ගෙන් වතුර ඉල්ලන්නේ නැත්තේ? කරන කුප්ප වැඩ වලට තව ටික කාලෙකින් වතුර විතරක් නෙමේ, හුළනුත් නැතිව යයි.
මෙම ජල අර්බුධය 2003 සිට සබරගමුව සරසවියට බලපාන නොවිසදුනු ගැටළුවක්.මේ වන විට විද්‍යාල පරිපාලනයත් අසරණ වෙලා ඉන්නේ , හිටපු අධ්‍යාපන ඇමති වරුන් වන කබීර් හසීම් ,එස් බි දිසානායක , සහ ලක්ෂ්මන් කිරි ඇල්ල හැමදාමත්ම කලේ සිසුන් රැවටූ එක විතරයි ,සිදුන්ගේ ගැටුලුවට ස්ථිර පිළිතුරුක් දුන්නෙම නැහැ
ඕක ටිකක් ඉවසල ඉන්ට අයුබෝවන්. මේ දවස්වල උතුරු මැද පළාතේ දවස් ගණනකින් නානවා තියා බොන්ට වත් වතුර පොදක් නැහැ.
උග්‍ර ජල හිඟයක පවතිනවා. අපි කුඩා කාලයේ බෙලිහුල්ඔය කියන්නේ අසීමිතව ජල උලපත් තිබුණු නැනක් නමුත් වර්තමානයේදී ඒ ප්‍රෙද්ශය කාන්තාරයක් බවට පත් වෙලා ගස් කපා දමලා විදුලි මාර්ග සඳහා දැවැන්ත ගස් බිම හෙලුවා.. ඒවාට කවුරැවත් කථා කරන්නේ නෑ. වතුර මවන්න කුලපති තුමාටවත් කාටවත් බෑ