IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහරගමට වතුර එන නලයක් පුපුරයි

( කේ බුද්ධික කුමාරසිරි)

ලබුගම සහ කළටුවාව ජලාශවල සිට මහරගම දක්වා ජලය රැගෙන යන ජල නලයක් පාදුක්ක මීපේ ප‍්‍රදේශයේදී සෙනසුරාදා (02) රාතී‍්‍රයේ පුපුරා යාමෙන් අද (03) සවස් වනතෙක් ජල සැපයුම අත් හිටුවීමට සිදු වූ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් අද (03) දිනය පුරා මහරගම පන්නිපිටිය කොට්ටාව,රුක්මල්ගම,පැලැන්වත්ත,හෝමාගම, මීගොඩ , පාදුක්ක සහ මීපේ ආදී ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත් හිටුවා තිබේ.

කොළඹ නැගෙනහිර ජල ව්‍යාපෘතිය යටතේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් 28 වැනි දා ද එම නලය පුපුරා ගිය අතර අලුතින් ජල නල කොටස් එකතු කර පිළිසකර කළද යළිත් එම ස්ථානයෙන්ම මෙම පිපිරීම සිදුව ඇත.

ජල නලය පිපිරීමට හේතුව ගැන මෙතෙක් ස්ථිරව පැවසිය නොහැකි බව ලබුගම සහ කළටුවාව ජල පිරිපහදුව බාර කළමනාකරු සහ අඹතලේ ජල නිෂ්පාදන අංශයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා පැවසීය

 



අදහස් (0)

මහරගමට වතුර එන නලයක් පුපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site