මැදගම රම්‍යලතා පද්ම කුමාරි .
ඔක්කම්පිටිය පහලගම ගඩොල් බැම්ම ප්‍රදේශයේ දි වියළි ගංජා කිලෝ අටයි ග්‍රෑම් දෙසිය අනුවක් සහ අක්කර කාලක වගා කර තිබූ කංසා ගස් අටසිය අනු තුනකින් යුක්ත කංසා හේනක් වැටලූ බවත් කංසා වේලමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔක්කම්පිටිය පොලිසිය පවසයි.
රබර් හා ගස්ලබු වගාවක් අතර ඉතා රහසිගත ව මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් ඇත.
මෙම කංසා ගස් අඩි 6 1/2 ක් පමණ උසට සරුවට වැඩී තිබු බව ද මෙහි වීදි වටිනාකම ලක්ෂ විසිපහකට අධික බව ද පොලිසිය පවසයි.
ඔක්කම්පිටිය පොලිසිය බුද්ධි අංශයේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd