(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ පාසල්වල ආරක්‍ෂාව සඳහා පත්කළ මුරකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන්නේ නම් ඔවුන් තවදුරටත් මුර සේවයේ තබා නොගන්නා බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.
මෙම මුරකරුවන් සේවයේ යෙදවීම සම්බන්‍ධයෙන් සියලූම පාසල් ප‍්‍රධානින් වෙත චක‍්‍රලේඛයක් මගින් දන්වා ඇති බව පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා පාසල්වල රාත‍්‍රී කාලයේ මුර කිරිම සඳහා ඔවුන් වැඩි දෙනෙක් යොදවා ඇති බව ද කීවේ ය.
එහෙත් මීට මාස තුනකට පෙර ඇතිවූ ගංවතුර අවස්ථාවේ මෙම මුරකරුවන් පාසල්වල රාජකාරියේ යෙදී නොසිටීම නිසා මුරකරුවන් සිටි පාසල්වල ද පරිගනක ඇතුලූ පාසල්වල දේපල විශාල ප‍්‍රමාණයක් විනාශ වූ බව ඒ මහතා පැවසීය.
එක් පාසලක මුරකරුවන් දෙදෙනකු සේවය කරන්නේ නම් ඔවුන් දිවා සහ රාත‍්‍රී මුර වශයෙන් බෙදී සේවය කළ යුතු බව දැනුම් දී ඇතැයි කී ලේකම්වරයා එක් මුරකරුවකු පමණක් සිටින පාසල්වල එම තැනැත්තා සවස 06.00 සිට උදේ 06.00තෙක් අනිවාර්යයෙන් පාසලේ රාත‍්‍රී මුර සේවයේ යෙදිය යුතු බව ද කීවේය.
ඇතැම් මුරකරුවන් රාත‍්‍රී මුර සේවයට වාර්තා කර පසුව බැහැර යන බවට ලැබෙන චෝදනා දිනෙන් දින ඉහළ යන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය. රජයේ මුදල් වැටුප් ලෙස ගෙවමින් මෙම පිරිස සේවයේ යොදවන්නේ රාජ්‍ය දේපල රැකීමට මිස පුද්ගලයන් නඩත්තුවට නොවන බවත් මේ ආකාරයට නිකරුනේ වැටුප් ගෙවීමට රජය කිසිසේත් අනුමත නොකරන බවත් ඒ මහතා කීවේ ය.
ඉදිරියේ දී මෙම මුරකරුවන් සම්බන්‍ධයෙන් විශේෂ අධීක්‍ෂණ ක‍්‍රමවේදයක් අනුගමනය කර රාජකාරියට වාර්තා කර පාසල් තුළ මුරසේවය නොකරන මුරකරුවන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හරිහැටි සේවය නොකරන මුරකරුවන් ඉවතට