(රංජිත් රාජපක්‍ෂ)
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රොසැල්ල කුයිල්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් තමන් පරිහරනය කරන පානිය ජලයට ඉන්ධන මුසුවන බව පවසමින් වතුකම්කරුවෝ පිරිසක් අද (03) එම ඉන්ධන පිරවුම් හල වැටලූහ.
එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන ස්වල්පයක් බිමට පතිත වන බවත් එම ඉන්ධන පවතින වර්ෂාවත් සමගම ඒ අසලින් ගලා යන මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ගලා බසින බවත් එම ඉන්ධන පිරවුම්හලේ සේවකයෝ පවසති.
එම ඉන්ධන පිරවුම්හල අසලින් ගලා බසින ඇළ මාර්ගයකට ජලනල යොදා ගනිමින් එම වතුයායේ වතුකම්කරුවන් පානිය ජලය ලබා ගන්නා අතර එම ඉන්ධන පිරවුම්හලේ සහ ඊට යාබදව තිබෙන සංචාරයක හෝටලයක මළ අපද්‍රව්‍යද එම ඇළ මාර්ගයට ජල නල ඔස්සේ මුදාහැර ඇතැයි කියැවේ.
මේ පිළිබදව වටවල පොලිසියට පැමිණිලි කරන ලෙස විරෝධතාකරුවන් හමුවට පැමිණි වටවල පොලිසියේ නිලධාරීන් පැවසූ අතර ඒ අනුව වතුකම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම ඉන්ධන කාන්දුවට විසඳුමක් ලබා දෙන ලෙස තම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට දැනුම් දිමක් කර ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදි වතුකම්කරුවන්ට පිරිසිදු පානිය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කරන බවද කළමනාකාරවරයා පැවසීය.




2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිරවුම්හලකින් හැටන් ඔයට ඉන්ධන මුසු වෙයි
de silva Sunday, 03 September 2017 09:24 PM
මේක ඇත්තනම් වහාම ඉන්ධන හල හිමිකරුගේ බලපත්‍ර තහනම් කර අවරුදු කිහිපයක් හිර දඩුවම් නියම කරන්න , ඉන්ධන හල් හිමියෝ බොහෝ දෙනෙකු බලන්නේ දවස අන්තිමට ලැබෙන ලාභය ගැන පමණි , පාරිභෝගිකයන්ට ලබාදෙන සේවය ගැන තුට්ටුවකටවත් නොසලකති , සේවකයෝ කරන්නේ මොකක්ද කියල නිකමටවත් සොයා නොබලති . බොහෝ වේලාවට ඉන්ධන හල්වල පොම්ප කිහිපයක් තිබුනත් ඉන්ධන ලබාදෙන එක එක පොම්පයකින් පමණක් කරන අතර ඉතුරු සේවකයන් මුල්ලකට වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙති , පාරිභෝගිකයෝ අනවශ්‍ය ලෙස විනාඩි 10-15 පෝලිමේ සිටිති , බොහෝ වෙලාවට සේවකයෝ කම්මැලි කම සහ නොසැලකිල්ල නිසා විශාල ලෙස ඉන්ධන භූ ජලයට මිශ්‍රාවේ