උපුල් හේරත්
රණවිරුවන් සිර ගෙදරට රැගෙන යාම වළක්වන්නැයි ඉල්ලමින් විශ්‍රාමික නාවික හමුදා ආබාධිත රණවරුවකු අද (26) පෙරවරුවේ අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී උපවාසයක ආරම්භ කළේය.
නාච්චාදූව පාර, ඥානික්කුලම, අනුරාධපුර පදිංචි දෙදරු පියෙකු වන එම්.බී.ඩබ්ලිව්. කුමාර (37) මහතා මෙම උපවාය ආරම්භ කළේය. ඔහු නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා බල ගණයේ ප‍්‍රධාන සුළු නිළධාරීයාය.
ඉකුත් 23 වන දින අනුරාධපුර රුවන් වැලි මහා සෑය අභියසින් ආරම්භ කළ ත‍්‍රීවිල් රථ වල නැගී කොළඹ බලා ධාවනය වූ එම රථ පෙළපාලියේ ද ගමන් ගත් අයෙකු බව කියයි.
මෙම රණවිරුවා ශ‍්‍රී මහා බෝ සමිඳුන් හා රුවැන්වැලි මහා සෑ රජුන් වැද පුදා ගෙන සමාධි පිළිමය අසලට පැමිණි ඔහු සමාධි පිළිමය ද වැද පුදා ගැනීමෙන් අනතුරුව වීරෝධාර රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ලියන ලද පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කරමින් උපවාසෙහි නිරත විය.

2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආබාධිත නිවික භටයෙක් සමාධි ප්‍රතිමාව අසල උපවාසයක
Devendra Saturday, 26 August 2017 10:14 AM
විමල් වගේ ලෙමන් ෆෆ් අරගෙන ඇවිල්ල ඉන්නේ.
abaran Saturday, 26 August 2017 10:26 PM
ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයාගේ ප්‍රතිමාව ඉදිරියට ගිහින් දුක කියන්න... එතුමා හිටියානම් අද රටේ හමුදාවට සහ ජනතාවට නියම ජයග්‍රහණයක් ලබන්නට තිබුනා..
Nuwan Sunday, 27 August 2017 01:25 PM
මේ තරුණයාව ගෙදර එක්කරගෙන යන්න කෙනෙක් නැද්ද අපරාදේ කාලය, කවුරුවත් රණවිරුවන්ව හිරේ දන්නේ නැහැ , මිනීමරුවන් පමණයි හිරගෙට යන්නේ , රණවිරුවෙකුට මිනිමරුවෙක් වෙන්නත් මිනිමරුවෙකුට රණවිරුවෙක් වෙන්නත් බැහැ
Suresh Monday, 28 August 2017 12:56 PM
මිනීමරුවෝ රණවිරුවෝද ? යන්නේ කොහෙද මල්ලේ පොල්